ඉතින් අද මම ඔයාටල ගේන්න යන්නේ මෙතෙක් කල් ඔයාල නුදුටු අමුතු බස් ජාතියක් ගැනයි..
ඉතින් මේ පුවත වාර්තා වන්නේ තායිලන්තෙන්.
මේවා අපි පාරේ දකින බස් වලට වඩා සෑහෙන්නම වෙනස්.තවත් විශේෂ කාරණයක් තියනවා.මේ බස් අපිට තායිලන්තයෙත් වැඩියේ පාරේ දකින්න හම්බ වෙන්නේත් නැහැ.
මේවා එලි බහින්නේ ගොඩක් වෙලාවට රෑට තමයි.
මේ බස් හඳුන් වන්නේ party bus කියලයි.ඒ නමට හරියනම විදිහට ඒ ගොල්ලෝ බස් එක ලස්සනට හදලා තියනවා..
පොදුවේ ගත්තොත් හැදින්වීම වෙන්නේ ඕක තමයි...
නමුත් Scania සමාගමේ Scania K440B යන බස් රථ 10ක් සෑම අවුරුද්දකම අපූරු වැඩක් කරනවා..ඒ තමයි තායිලන්තයේ සිට San Francisco දක්වා සවාරියක් යනවා..ඇත්තටම බලන් ඉන්නත් ආසයි.වෙසක් එකට අපි දකින තොරන් එක තැන නේ තියෙන්නේ. ඇවිදින තොරන් බලන්න ඕන නම් අපිට යන්න වෙන්නේ තායිලන්තෙට තමා..
මේ බස් 10ටම හිමිකරුවෙක් ඉන්නවා ඔහු නමින් ප්‍රසර්ට් කුන්ගර්..ඉතින් ඔහු පවසන අන්දමට මේ එක බස් රථයකට විවිධ ආකාරයේ speakers 200ක් පමණ පිටතින් හා ඇතුලෙන් සවි කරලා තියනවා.1000w අධික ධාරිතාවයක් මේ speakers වලට යනවා කියල තම ඔහු සදහන් කරන්නේ..
ඒ වගේම නොයෙකුත් ආකාරයේ විදුලි බල්බ ගනන් කරගන්න බැරී තරමටම සවි කරලත් තියනවා..
ඒ වගේම බස් එක තුල අධික ධාරිතාවක් තියන නිසා original suspension වෙනුවට Scania සමාගමෙන් ඔවුන්ට වෙනම suspension වර්ගයක් දීල තියනවා...ඉතින් මෙන්න මේවා තමා මේ බස් ගැන කියන්න තියෙනේ...
මටනම් මේ බස් දැක්ක ගමන් හිතුනේ මේක තනිකරම තොරණක්! නැහැ ඇවිදින තොරණක් කියලයි..
මට හිතෙන දේම ඔයාලටත් හිතෙන්න ඇති කියල මට හිතෙනවා..