ටොයෝටා කියන්නේ අපි හැමෝම දන්නා නාමයක්. ලංකාවේ වගේම ලොව බොහෝ රටවලත් වාහන කියුවම මුලින්ම මතකයට එන්නේ ටොයෝටා නාමයයි. කල්පැවැත්ම මෙන්ම විශ්වාසාන්ත කම අතිනුත් ටොයෝටා කියුවම කාගේ කාගේත් සිත් වල ඇතිවෙන්නේ ප්‍රසන්න හැගීමක්. ටොයෝටා සමාගමට අනුව පසුගිය වසර 20 ඇතුලත නිෂ්පාදනය කළ ටොයෝටා වාහනවලින් 80% ක්ම තවමත් ධාවනය වෙනවා.
ටොයෝටා සමාගම බිහි වුනු ආකාරය හරිම ලස්සන කතාවක්. ඒ වගේම ටොයෝටා සමාගම අපි හිතනවටත් වඩා ගොඩාක් විශාලයි. දුක් කම්කටොලු රැසක් ගෙවාගෙන මේ තැනට ඇවිත් ඉන්න ටොයෝටා සමාගම ආශ්‍රයෙන් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න දේවලුත් ගොඩාක් තිබෙනවා.
ටොයෝටා කියන ජපන් සමාගම වාහන නිෂ්පාදනය ආරම්භ කළේ වර්ෂ 1933 දී. ඒත් ඒක ගොඩක් පැරණි සමාගමක්. වාහන හදලත් ගොඩක් කල් යනතෙක් මිනිසුන් ටොයෝටා සමාගම ගැන දැනගෙන හිටියේ මහන මැෂින් හදන සමාගමක් විදියට.
ටොයෝටා සමාගම, ඔබ නොදන්නව වුනාට අදටත් රෙදි නිෂ්පාදනය කරනවා. ඒ නිසා ටොයෝටා ගැන කතා කරන විට මේ මහන මැෂින් කතාව නම් නොකියම බෑ.

ටොයෝඩා සකිචිගේ පියා වඩු කාර්මිකයෙක්. හැමදාම පාසල් ගිහින් ආවට පස්සේ පියාගේ වඩු වැඩවලට උදවු දීපු සකිචි පොත් කියවන්න ගොඩක් ආස කළා. දවසක් ඔහුට තම ජීවිතය සහමුලින්න වෙනස් කරන්න සමත් පොතක් කියවන්න ලැබුනා. යන්ත්‍රානුසාරයෙන් රෙදි වියන යන්ත්‍රයක් තනපු කෙනෙකු ගැන ඒ පොතේ සඳහන් වෙලා තිබුණා.
මේ පොත කියව කියව ඉන්න අතර තුර තමන්ගේ මව ඉතාමත් අමාරුවෙන් අතින් රෙදි වියමින් සිටිනවා තරුණ සකිචි දවසක් දුටුවා. මේක දැකපු සකිචිට ගොඩාක් දුක හිතුනා. තමන් කියවපු පොතෙන් ලබපු ආභාෂයත් එක්ක තම මවගේ වැඩකටයුතු පහසු කරන්න යන්ත්‍රයක් හදන්න තරුණ සකිචිට ඕන උනා. තම පියාගේ වඩු වැඩටත් උදවු වෙන අතරතුරම ඔහු දැඩි පරිශ්‍රමයක් යොදා ස්වයංක්‍රීයව රෙදි වියන මැෂිමක් නිර්මාණය කරා.
අශ්ව බල එකක බලයක් තිබුණු මේ මැෂිමට ඉතාම අනර්ඝ විදිහට වේගයෙන් රෙදි වියන්න පුළුවන් කම තිබුනා. ඒ වෙනකොට මෙහෙම මැෂිමක් ජපානේ කිසිම කෙනෙකු හදලා තිබුනේ නෑ. ඒ නිසා මුළු ජපානේ පුරාම මේ ආරංචිය කටින් කට ගිහින් ගොඩාක් ව්‍යාපාරිකයෝ සකිචිව හොයාගෙන ඇවිත් මේ මැෂින් මිලදී ගන්න උනා.
අවසානයේ ආයෝජකයින් කිහිප දෙනෙකුත් සමග එකතු වෙලා අවසානයේ සකිචිට පුළුවන් උනා Toyota Loom Company නම් මහන මැෂින් සමාගම පටන් ගන්න ටොයෝඩා සකිචිට පුළුවන් උනා. මේ සමාගම දිගටම මහන මැෂින් විකුණමින් ඉතා විශාල ආදායමක් උපයාගත්තා.
එත් අවාසනාවකට මේ කාලේ ජපන් ආර්ථිකයේ ඇති වුනු කඩාවැටීමත් හමුවේ සකිචිට සමාගමෙන් ඉල්ලා අස් වෙන්න සිදු උනා. ඒ අතරවාරයේ සකිචි තමන්ගේ ජිවිතයට අමතක නොවෙන මතකයන් කිහිපයක් එක් රැස් කරගනිමින් ඇමෙරිකාවේ සහ යුරෝපයේ සංචාරයක් බලා ගියා. එහිදී තම රටින් බොහෝ ඈත දේශ වල තිබූ දියුණුව සහ ඇති මහත් වාහන සංඛ්‍යාව දැක ඔහු ඉමහත් පුදුමයට පත් වුනා. අලුත් දේවල් පසු පස හඹා හිය සකිචිගේ සිතිවිලි උඩු යටිකුරු කිරීමට ඒ මතක සටහන් සමත් උනා. පසුව සිකිචි යලිත් වරක් ජපානයට ආවේ වාහන නිෂ්පාදනය ගැන සිහින දකිමින්.
තමන්ගේ වාහන සිහිනය කෙසේ හෝ මුදුන් පත්කරවාගැනීමට සිකිචිට තදින්ම අවශ්‍ය උනා. එය කොතෙක් ද කියනවනම්, මෙතෙක් කල් තමන් සතුව තිබූ මහා නිධානයක් බඳු වූ මහන මැෂින් තැනීමේ අයිතිය ඔහු යෙන් මිලියනකයට විකුණා දැමුවේ වාහන තැනීමේ සිහිනය කෙසේ හෝ සැබෑ කරගැනීමේ අරමුණින්. තම පුත්‍රයා වූ ඉචිරෝ ටොයෝඩා ගැන තදබල විශ්වාසයක් තැබූ සිකිචි ඒ මුදල් ඔහු අත තැබුවේ යම් දිනක අනිවාර්යෙන්ම වාහන හදන සමාගමක් පටන් ගත යුතු යැයි යන පොරොන්දුව මතයි
වාහන හැදීම ගැන එතරම් ලොකු විශ්වාසයක් නොතිබුණු ඉචිරෝ තම පියා මෙන්ම වාහන නිෂ්පාදනය ගැන අවබෝධයක් ගන්නට වහාම ඇමරිකාවට යන්නට වුණා. එහිදී වාහන නිෂ්පාදනය ගැන ඉචිරෝ ගොඩාක් පැහැදුනා. මේ කාලෙදිම ජපන් ආණ්ඩුවටත්, තමාගේ රටේම කියා වාහනයක් නිෂ්පාදනය කරගන්න තදබල ඕන කමක් තිබුණු නිසා, නව ව්‍යාවසායකයින්ට නොයෙකුත් පහසුකම් ලබා දෙන්නත් ආණ්ඩුව කටයුතු කරා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන නැවත ජපානයට පැමිණි ඉචිරෝ වාහන නිෂ්පාදනය වෙත යොමු උනා.
ටොයෝටා සමාගමට මෙන්ම ජපානයටත් වැදගත් සංදිස්ථානයක් එක කරමින් 1933 දී පළමු වරට වාහන දෙකක් නිෂ්පාදනය කරන්න ටොයෝටා සමාගමට හැකි වුනා.
මෙතෙක් කල් මහන මැෂින් සමාගමේ අනු ආයතනයක් ලෙස තිබූ වාහන නිෂ්පාදන අංශය, වර්ෂ 1937 දී ටොයෝටා මෝටර් කොම්පැණි (Toyota Motor Company) ලෙසින් ප්‍රධාන සමාගමක් බවට පත් වුනා.
ටොයෝටා සමාගමේ අභිප්‍රාය වූයේ එතෙක් ජපානයට ආනයනය කළ ෆෝර්ඩ් සහ ජෙනරල් මෝටර්ස් වාහන වලට වඩා ඉතා අඩු මුදලට ටොයෝටා වාහන අලෙවි කිරීමයි. මේ නිසා අලුත් සමාගමක් වුණත් ටොයෝටා වාහන ජපානය පුරාම ශීග්‍රයෙන් ප්‍රචලිත වෙන්න පටන් ගත්තා.
ටෝයෝදා සිකිචි අනුස්මරණය වන්නට මුල් කාලයේ යොදා තිබූ නම වූයේ “ටෝයෝඩා” යන්නයි. එහෙත් පසු කාලීනව, “ටොයෝටා” යන්න වඩාත් වාසනාවන්ත නමක් ලෙස ජපනුන් සැලකූ නිසා එය, අද අප කවුරුත් දන්නා ටොයෝටා බවට පත් කෙරුනා. ටොයෝටා යන්නෙහි සිංහල තේරුම් වනුයේ “සරුසාරවත් සහල්” යන්නයි.
බොහෝ සැලසුම් තියාගෙන ලොකු තැනකට එන්න හිටපු ටොයෝටා සමාගම දෙවන ලෝක යුද්ධය නිසා නැවත වතාවක් බංකොලොත් තත්වයට පත් වුණා. මෙතනින් පසුව ටොයෝටාහි ගමන් මග බොහෝ කම්කටලු වලින් පිරුණු එකක් වුණා. ඒත් අවසානයේ 1950 දී ආරම්භ වුණු කොරියානු යුද්ධය නිසා නැවතත් සමාගමට ගොඩ එන්න හැකි උනා. ඒ, ඇමෙරිකාව විසින් යුද්ධය සඳහා අවශ්‍ය ටොයෝටා වාහන 5000 කට අධික ප්‍රමාණයක් ඇනවුම් කිරීමෙන් පසුවයි.
දිනක් ඇමෙරිකාවේ සංචාරයක යෙදුනු ටොයෝටා සමාගමේ විධායකයෙකුට බොහොම වැදගත් දෙයක් සොයාගන්න ලැබුනා. ඒ තමයි, ඇමරිකානුවන් භාවිතා කළ විශාල ප්‍රමාණයේ මෝටර් රථ අතුරින් යුරෝපීය කුඩා මෝටර් රථ වලට හොඳ තැනක් හිමිව තිබූ බව. එවගේම එම කුඩා රථ වල මිල ජනතාවට උහුලන්න බැරි තරම් ඉහළ වුණු බවත් ඔහු නිරීක්ෂණය කරා.

මේ ක්‍රවුන් රථය ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන සිටි ටොයෝටා සමාගමට අත් විදින්නට වූයේ සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක්. පුදුමයකට මෙන් මේ රථ ඇමෙරිකාවේ විකිණුනේ 300 ක් වැනි ඉතාම සුළු ප්‍රමාණයක්.
ජපනා කොපමණ හොඳට මේ රථය නිර්මාණය කරලා තිබුනත් ඔවුන් ඇමෙරිකාවේ මාර්ග තත්වය නම් හොඳහැටි අමතක කරලා තිබුනා. මේ කාර් එක ජපන් පාරවලට කොතරම් හොඳ උනත් ඇමරිකාවේ පාරවල් අහලකින් වත් තියන්න බැරි උනා. හයි වේ වල ගියපු මේ කාර් රත් වී මග දෙපස හිටින්නටත්, ඉහල වේගවලදී පාලනය කරගන්න බැරුව ගොස් අනතුරට පත්වන්නටත්, ගැලුම් ගණන් ඉන්ධන බොන්නටත් උනා. එතැනින්ම ඇමරිකානුවන්ට මේ ක්‍රවුන් රථය එපාම වන්නට වුනා. අවසානුයේ කැත නමක් හදාගත්තු ටොයෝටා සමාගමට ටෝයෝපෙට් රථය සහමුලිම නිර්මාණය කරන්නට සිදු උනා.
මේ අත්දැකීමෙන් ටොයෝටා සමාගම මෙන්ම ජපානයත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. තමන්ගේ සේවකයන්ගේ තෘප්තියේ සිට වාහන එලවන රියදුරන්ගේ පහසුව දක්වා තිබෙන අංශු මාත්‍ර දෙයකම තත්වය ගැන ඉහලින්ම සිතන්න ටොයෝටා සමාගම කටයුතු කරා. එදායින් පස්සේ, තමන් හදන වාහනවල තුබුණු ඒ දෝෂ මග හැරලා ඉහළ ගණයේ තත්ත්ව සහතිකයක් දීල ඉතාම හොඳ නිමාවකින් යුතු රථ නිර්මාණය කරන්න ටොයෝටා සමාගමට හැකි වුණා. මේවගේ ලොකු කතාවකින් පස්සේ තමයි ලොව ඉතාමත්ම සාර්ථකව විකිනුනු කොරොල්ලා මෝටර් රථය 1966 දී වෙළඳ පොළට ආවේ.
ඔය අතර වාරයේම 1973 දී ඇමෙරිකාවේ ඇතිවුණු තෙල් හිඟයෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් රථ වලට ලොකු ඉල්ලුමක් ආව. මේකෙන් පස්සේ ජපන් ටොයෝටා කාර් ඇමෙරිකාව පුරාම උණු කැවුම් වගේ විකිනෙන්න වුණා. මේ කාර් වල මිලේ හැටියට වෙන කිසිම යුරෝපිය හෝ ඇමෙරිකානු වාහනයක්, ටොයෝටා කාර් එකක් ළඟින්වත් තියන්න බැරි උනා. ඒ තරම් අඩු මුදලට වාහන විකුනන්න ටොයෝටා සමාගම කටයුතු කරා.
මේ විදියට ශීග්‍ර දියුණුවක් පස්සේ යමින් තිබුනු ටොයෝටා සමාගම කාලයත් සමග කැම්රි , සුප්‍රා , මාක්, සහ ප්‍රියස් වගේ මාදිලිත් වෙළඳ පොලට මුදා හරින්නට කටයුතු කළා. ඒ රථත් බොහොම ඉක්මණට ලොව පුරාම ජනප්‍රිය උනා. 1989 දී ටොයෝටා සමාගමේම අනු සමාගමක් හැටියට ලෙක්සස්(Lexus) සමාගම බිහි වුනේ යුරෝපය මුල් කරගෙන. ඒ අනුව ටොයෝටා සමාගම ලෙක්සස් නම යටතේ ඉතා සුඛෝපභෝගී රථ පෙළක් නිෂ්පාදනය කරලා යුරෝපයට නව මුහුණුවරකින් අලෙවි කරන්න වුණා.
දැන් අපි ටොයෝටා සමාගමේ අද තත්වය විමසා බලමු.
අද වනවිට කවුරුත් දන්නා ටොයෝටා සමාගම විවිධ මාදිලි 100ක් යටතේ පමණ වාහන නිෂ්පාදනය කරනවා. 2015 වර්ෂයේදී ලොව විශාලතම වාහන නිෂ්පාදකයා වුනේ ටොයෝටා සමාගමයි. එත් පසුව ඒ තැන වොක්ස්වැගන් සමාගමට දීල දෙවැන්න බවට පත්වීමට ටෝයෝටා සමාගමට සිද්ධ වුණා.
ඒ කාලේදී ටොයෝටා සමගම වසරකට කාර් මිලියන 10.2 ක් හදන විට පළමු වැනි තැන හිටපු වොක්ස්වැගන් සමාගම හැදුවේ වසරකට කාර් මිලියන 10.3 ක් පමණයි. මෙතනින් තුන් වැනි තැන ගත්තේ කාර් මිලියන 9.8 ක් හදන ජෙනරල් මෝටර්ස් සමාගමයි. ඒ නිසා මෙය ජර්මනිය, ජපානය සහ ඇමරිකාව අතර තිබූ තුන් කොන් සටනක් කියලත් කාටහරි කියන්නත් පුළුවන්. 2016 වසරේ විතරක් කාර් හදල ටොයෝටා සමාගම උපයපු අදායම ඩොලර් මිලියන 248 ක්! මේකෙන් ශුද්ද ලාභයම ඩොලර් මිලියන 20.3 වුනා.
අප දන්නා ගොඩාක් වාහන නාම ටොයෝටා සමාගමට අයත් ඒවා කියුවොත් ඔබ පුදුම වේවි. ඒ අතරින් ඩයිහට්සු(Daihatsu), හිනෝ (Hino), සහ ලෙක්සස් සම්පූර්ණයෙන්ම වාගේ අයිති ටොයෝටා සමාගමට. ඒ වගේම සුබාරු සමාගමෙන් 16.7% ක් ප්‍රමාණයක් ද ඉසුසු සමාගමේ 6% ප්‍රමාණයක් ද අයිති වෙලා තිබෙන්නේත් ටොයෝටා වලට. ඒවගේම 2016 වෙන තුරුම ටෙස්ලා සමාගමේ 10%ක හිමිකාරත්වය දැරුවෙත් ටොයෝටා සමාගමමයි.
ඒ විතර නෙමෙයි, ටොයෝටා මවු සමාගමටම අයත් කියෝහොකයි (kyohokai) සමාගමටත් තව සමාගම් 300 ක පමණ අයිතිය තිබෙනවා. ඒ නිසා ටොයෝටා කියන්නේ නිකම්ම නිකම් කාර් හදන තැනක් නෙමෙයි කියල මතක තියාගන්න ඕනේ.
ටොයෝට සමාගමේ කර්මාන්තශාලා රුසියාව, කැනඩාව, ප්‍රංශය, තුර්කිය, එංගලතය සහ ඇමෙරිකාව ඇතුළු ලොව රටවල් 27ක් පුරා පැතිරිලා තිබෙනවා. ඒවගේම තුන් ලක්ෂ 49 දහසක සේවක මණ්ඩලයක්ද ටොයෝටා සමාගම සතු වෙනවා.
ඒ වගේම ආදායම අතින් සලකුවාම ලොව නව වැනි ස්ථානය හිමිවන්නේත් ටොයෝටා සමාගමටමයි. මේ සා විශාල වත්කමක් උපයන ටොයෝටා සමාගම සමාජ සුභාසිද්දිය සඳහාත් සැලකිය යුතු මුදලක් වෙන කරනවා. ඒ අතරින් අධ්‍යාපනය, විපත් කළමනාකරණය, වන සංරක්ෂණයම ආදිය මුල් තැනක් ගන්නවා.
දැන් ඔයාලටම තේරෙනවා නේද මහන මැෂින් හදපු ආයතනයක් අද ලෝකයේ ප්‍රබම තැනක් හිමි කරන තියන අපුරුව...එදා සකිචි වාහන හදන්න තීරණය කාරේ නැත්තන් මේ වෙනකොට ලෝකේ තියන වාහන ප්‍රමානයේ ලොකු වෙනසක් වෙන්න ඉඩ තිබ්බ..
තවත් මේ වගේ කතාවක් අරන් ඉක්මනට එන්නම්.
උපුටා ගැනීමකි.
No comments:
Post a Comment