ඉතින් අපි මේ වෙනකන් කතා කරේ අලුත් අලුත් සුපිරි වාහන ගැනනේ අපි දැන් කතා කරන්න යන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් පැත්තක්.
සමහරු ඉන්නවා හොද අලුත් සුපිරි වාහන තිබ්බට මදි ඒවා හොදට modify කරන්නත් පුදුම ගායක් තියන අය.ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ හොදටම ගායක් තියන ඇමෙරිකානු ජාතිකයෙක් හදපු සුපිරි වහනයක් ගැනයි.
මේ තියෙන්නේ DODGE RAM කැබ් රථයක් අපිට බැලූ බැල්මටම පෙනවා මේක ඔරිජිනල් RAM කැබ් රථයට වඩා පෙනුමෙනුත් යම් යම් වෙනසකම් කරලා තියනවා.
stickers,alloy wheels වලට අමතරව මේකේ තව අදහගන්න බැරි වෙනස්කම් රාශියක් මේ ඇමෙරිකානු ජාතිකයා මේ වාහනේට කරලා තියනවා.
අපි බලමු මොනවද ඒ වෙනස්කම් කියල.

මේකේ කතා කරන්නම ඕන සහ මේකට කරලා තියන ලොකුම
modification එක තමා sounds system එක..
පිටුපස දොර දෙකෙහි අගල් 19' LED රූපවාහිනී දෙකක් සහ JB-Hi Fi pioneer වර්ගයේ woofer speakers 6 බැගින් 12ක්,PIONEER TS-B350PRO 3.5" PRO Series 250-Watt Bullet Tweeters 4ක් ද,
ඊට අමතරව ආසන ඉවත් කරලා ඒ වෙනුවට Pioneer - TS-W310D4 woofer speakers 4ක් සහ වොට් 190 ක pioneer amplifier 3ක් සවි කරලා තියනවා
සද්දෙට සින්දු දා ගෙන යන්න කැමති අයට නම් මේක ගොඩක් වටිනවා..
තව ඉවර නෑ..වහනයේ පිටුපස කොටසේ ඒ කිව්වේ වාහනේ longbed එකේ woofer speakers 32ක් සහ Tweeters 14ක් තියනවා..
ඉතින් මේක ලංකාවට ගෙනාවොත් ගමකට ඇහෙන්නම සද්දේ තියෙයි..
වහනයේ බර වෙඩි නිසා ඒකට hydraulic suspension තාක්ෂණය යොදාගෙන තියනවා ඉතින් එකෙන් වාහනේ අපිට ඕන ගානට උස පහත් කරගන්න වගේම වාහනේ අපිට නටවන්නත් පුළුවන් හැකියාව මේකට ලබා දීල තියනවා.
රථයේ හිමිකරු මෙය DODGE RAM BALA RED ලෙසයි නම් කරලා තියෙන්නේ.





No comments:
Post a Comment