Related Posts Plugin for WordPress, Blogger...

Saturday, July 29, 2017

මෙන්න Drifting

Car Drifting Van Drifting දැකල තිබ්බට මේ වගේ Drifting දැකල තියනවද බලන්නකෝ.මේවා කරන්න පුළුවන් වැඩද...
හැබැයි උත්සහය අගේ කරන්න ඕන වෙනස්ම දෙයක් කරන්න උත්සහ කරාට.
Truck Drifting





ක්‍රීඩා පිටිය,කාර්යාලය,නිදන කාමරය එකම වහලක් යට...

ඔන්න මම අද ඔයාලට ගේන්න යන්නේ ලන්ඩන් වල රෝයල් කොලේජ් ඔෆ් ආර්ට් උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් කරපු අපුරු ප්‍රදර්ශනයක් ගැනයි..

ඉතින් මේ ප්‍රදර්ශනයේ විශේෂත්වයක් තියනවා ඒ තමයි මේ ප්‍රදර්ශනයට ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තිබුන සියලුම වාහන සංකල්පිත(concept) ආකෘතින්.ඒ කියන්නේ නුදුරු අනාගතයේදී ලෝකයේ අපිට දකින්න ලැබේ යැයි සැලකෙන මෝටර් රථයි. 

ඔයාල මම හොදින් දන්නා දෙයක් තමයි වාහන ලෝකය පුදුමාකාර ඉක්මනට දියුණු වෙනවා.ඉතින් ඒ දියුණු වීමත් සමගම නුදුරු අනාගතේදී රථ වාහන කියන දේ අපිට අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් වෙන්න ඉඩ තියනවා .. 
ඉතින් මේ ශිෂ්‍යයන් මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරලා තිබ්බ මෝටර් රථ ආකෘතින් මීට පෙර අපි කිසි දිනක දැකල නැති ආකාරයේ ඒවයි..තව විශේෂ දෙයක් තියනවා කියන්න. ඒ තමයි  මේ  වාහන සියලුම ඒවා රියදුරන් රහිත පාලනයකින් තමයි ධාවනය වන්නේ..


 ඒ වගේම මේ මෝටර් රථවල තියන තවත් විශේෂත්වයක් තමයි මේ මෝටර් රථ නිෂ්පාදනය කරලා තියෙන්නේ කාර්යාලයක් විදිහට හෝ කුඩා ක්‍රීඩා කාමරයක් හෝ නිදන කාමරයක් ලෙස භාවිත කරන්නයි..ඒ වගේම driving seat එක දෙපෙත්තෙන් තවත් දෙදෙනෙකුට සුවපහසුව හිඳ ගැනීමට පුළුවන් ආකාරයට තමා මේ ප්‍රදර්ශනයේ තිබුන බොහොමයක් රථවාහන නිෂ්පාදනය කරලා තිබුනේ..



Wednesday, July 26, 2017

මිනිසුන්ගේ දෑතින්ම නිපදවෙන Rolls Royce

ඔන්න ඉතින් අද මම ඔයාලට ගේන්න යන්නේ ටිකක් luxury දෙයක් ගැනයි.එහෙම කිව්වහම ඔයාලත් බලනවා ඇති මොකක්ද කියල..ඇත්තටම මේක ශ්‍රී ලංකාවේ අපිටත් ගොඩක්ම වටිනා දෙයක් කියලයි මට හිතුනේ. මම එහෙම කියන්න හේතුව ඔයාලම බලන්නකෝ.

Rolls Royce Car කිව්වහම කව්ද නොදන්නේ..ඉතින් මම මුලින්ම පොඩි හැදින්වීමක් කරන්නම් මොකක්ද මේ Rolls Royce Car වල තියන විශේෂත්වය කියල.

Rolls Royce කියන්නේ ඔයාල අපි කව්රුත් හොදටම දන්නා BMW සමාගමටම අයිති සමාගමක්.මේ සමාගම පටන් ගන්නේ 1906  එංගලන්තේදී.ඉතින් මේ රථ වල සහ මේ සමාගමේ විශේෂත්වයක් තියනවා. ඒ තමයි මේ සමාගමේ නිෂ්පාදනය කරන සියලුම මෝටර් රථ නිෂ්පදනය වන්නේ මිනිස් දෑතින්.ඒ කිව්වේ වාහනය පොලිෂ් කිරීමේ ඉදලා අන්තිම nut එක දක්වාම සවිකිරීම,paint කිරීම. වැනි බොහෝ කාර්යයන්....නැහැ සියලුම කාර්යයන් පාහේ සිදුවන්නේ මිනිස් දෑතින්. වෙනත් මෝටර් රථ සමාගම් වල වාහනයක් නිෂ්පාදනය කරන්න නොයෙකුත් යන්ත්‍රසූත්‍ර යොදා ගන්නවා. එම නිසාම එක් රථයක් නිෂ්පාදනය කරන්න ඔවුන්ට යන්නේ උපරිම පැය 20ක් නැත්තම් පැය 30ක් වගේ කාලයක් තමයි.නමුත් මේ Rolls Royce සමාගමට අයත් රථයක් නිෂ්පාදනය කරන්න ආසන්න වශයෙන් පැය 450ක පමණ කාලයක් ගත වෙනවා.ඔයාලට හිතාගන්න පුළුවන් නේද මේක හදන්න මෙච්චර කාලයක් ගත වෙන්නේ ඇයි කියලා...
දැන් අපි බලමු අපේ රටට මේක කොහොමද අදාල වෙන්නේ කියලා.
ඉතින් මම,අපි වගේම වාහන වලට ගොඩක් ඇලුම් කරන කෙනෙක්ට ඕන වෙලා තිබ්බා මේ වගේ රථයක් ලංකාවට ගෙන්න..ගෙනල්ල ලංකාව වටේ උජාරුවට රවුම් ගහන්න..ඉතින් ඇත්තටම ඔහු ඒ හීනේ හැබෑ කරගත්තා..
ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 16ක්..දීලා Rolls Royce වර්ගයට අයත් Rolls Royce Wraith රථයක් ඔන්න ඔහු ශ්‍රී ලංකාවට ගෙන්නුවා..මෙරට ඉතිහාසයේ දැනට වැඩිම තීරු බදු ගණනක් ගෙවා ගෙන්වූ රථය ලෙසයි මෙය සලකන්නේ...
ඇත්තටම සමහර වෙලාවට ඔයාලට හිතෙනවා ඇති එක මහා මෝඩ කමක් එච්චර ගානක් දීලා වාහනයක් මොකටද ගෙන්නේ කියලා..
ඒත් මෙන්න මේකටයි රථගාය කියලා කියන්නේ...මොකද රථගාය තියන හැම කෙනෙක්ටම හීනයක් තියනවා, තමන් හීන මවන වාහනයක් තියනවා ඒක ගන්න කෝටි 16ක් නෙමේ කෝටි ලක්ෂයක් කිව්වත්  ඒ ගානට ගිහින් වාහනේ අරගන්නයි ඒ හීනේ තියන කෙනාට ඕන.
මේ රථයේ ඇත්තම වටිනා කම අසන්න වශයෙන් රුපියල් කෝටි 6  ක් ඒ කියන්නේ ලක්ෂ 600ක් වගේ තම වෙන්නේ.නමුත් ලංකාවට ගේනකොට ඒ කෝටි 6ට තවත් කෝටි 10 ක් වගේ අමතරව දීල තමා ඔහුට මේක ගේන්න වෙලා තියෙන්නේ..

අපි දැන් පොඩ්ඩක් මේ රථය ගැන විපරම් කරලා බලමු මොනවද තියන කෑලිබෑලි කියලා.

මුලින්ම මේකේ ඇතුලත ගැන කතා කරොත් කොහෙන් පටන් ගන්නද කියලා මට හිත ගන්න බැහැ.මොකද පුංචි ඉඩ ප්‍රමාණයක කරන්න පුළුවන් උපරිම දේ, දෙන්න පුළුවන් උපරිම දේ සහ වටිනාකමට සරිලන පරිදි නියමම නිමාවකින් තමා මේ රථය නිෂ්පාදනය වෙලා තියෙන්නේ...genuine ලෙදර්,ස්වභාවික ලී සහ ඔරිජිනල් chrome ප්‍රධාන වශයෙන් යොදාගෙන තමයි මේකේ interior වැඩ කිඩ දාලා තියෙන්නේ..ඒ වගේම කතා කරන්න ඕන ලස්සනම දේ තමයි මේකෙ roof එක.මේ රථයේ පොඩි option එකක් තියනවා star line head liner කියලා ඉතින් එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ වාහනේ roof එකේ.. 
අපි ඒ option එක දාලාroof එක දිහා බැලුවහම අපිට පේන්නේ ලස්සන අලංකාරවත්  තරු තියන රාත්‍රී අහසක් වගේ.. ඒ ලස්සන විඳගන්න නම් අපි ඒ රථයක ගමන් කරන්නම ඕන...ලස්සන වගේම තම මේ system එක හදන්නම විතරක්  රථයේ නිෂ්පාදකයින්ට පැය 9ක් විතර ගත වෙනවලු.ඉතින් දැන් ඔයාලට හොදටම පැහැදිලි නේ මේ රථය හදන්න මෙච්චර කල් යන්නේ ඇයි කියලා.ඉතින් මේ ඔක්කොම දරගෙන ඉන්න මේ රථෙ බර ඔයාල හිතන්නේ කියක් වගේ කියලද?
විශ්වාස කරනවද මේ රථය ටොන් 2 1/2 බරයි කියලා.විශ්වාස කරන්නත් අමාරුයි නේද..ඉතින් දැන් ඔයාලට  හිතෙනවා ඇති මේකේ බර වැඩි නිසා හයියෙන් යන්න බැරුව ඇති කියලා.. අපි එක ගැනත් හොයල බලමුකෝ.

අශ්ව බල 624 ක V12 6.6 Ltr Twin Turbo එන්ජිමකින් සමන්විත වන මෙම Wraith රථයට තප්පර 4.4 වැනි සුළු කලයකදී පැයට කිලෝමීටර් 100 වේගය ලබාගන්න හැකියාව තියනවා.ඒ වගේම මේකේ උපරිම වේගය සඳහන් වන්නේ පැයට කිලෝමීටර 240ක් කියලයි. 

දැන් මොකද හිතෙන්නේ...
 මට නම් හිතුනේ එකම එක දෙයයි.. කවදා හරි දවසක මමත් මේ  වගේ හීනයකට යන්න වෙර දරනවා කියලා විතරයි...

ඉතින් ආයිත් හමුවෙමු දවසක....

Saturday, July 22, 2017

NOS ගැන දන්න සිංහලෙන්

ඉතින් අද මම ඔයාලට ගේන්න යන්නේ NOS ඒ කියන්නේ Nitrous Oxide Systems කියන්නේ මොකක්ද කියලයි.

ඉතින් ඔයාල මේ වනකොට දැකල ඇති ගොඩක් Movies  වල  Car Racing වලදී එක පදවන Drivers ලා එකේ Button එකක් එබුව ගමන කාර් එක සැහෙන්න වේගෙන් යනවා ඒ වගේම silencer වලින් ගිනි දැල් පිට වෙනවත් ඔයාල දැකල ඇති. ඇත්තටම ඒ මොකක්ද? ඇත්තටම ඒකෙන් කාර්  එකේ වේගේ වැඩි කරන්න පුලුවන්ද?


වාහනයක ප්‍රධාන වශයෙන් දහන කාර්යය සිද්ධ වෙන්නේ අභ්‍යන්තර දහන එන්ජිමකින්. ඉතින් එක ඇතුලෙ තියන piston තුලට ඉන්ධන ගිහින් ඒවා පත්තු වෙලා තමා මේවා උඩ පහල යන්නේ..ඉතින් මේ විදිහට piston උඩ පහල යන නිසා තමා වාහනයක් ධාවනය වන්නේ.
මේ වගේ එන්ජිමකට ඉහල බලයක් ලබා දෙන්න ඕන  නම් ඉන්ධන වැඩි ප්‍රමාණයක් දහනය කරන්න සිද්ධ වෙනවා වගේම piston තුලට වැඩි වාත ප්‍රමාණයක් ඇතුලට ගන්නත් සිදු වෙනවා.

ඉතින් මේක කරන්න ක්‍රම කීපයක්ම තියනවා.

එන්ජිමේ බලය වැඩි කිරීමට කරන්න පුළුවන් ලේසිම දේ තමා එන්ජින් එක තුල තියන  piston ප්‍රමාණයෙන් විශාල කරන එක.එතකොට මේක ඇතුලට වැඩිපුර වාතය ගන්න පුළුවන් ඒ වගේම වැඩිපුර ඉන්ධන අරගෙන ඒවා දහනය කරලා ඉතාමත් විශාල බලයක් ලබා ගන්න පුළුවන්.

හැබැයි ඉතින් මේ ක්‍රමය භාවිත කරනකොට මතුවෙන වෙන ලොකුම ගැටලුව තමා එන්ජින් එකේ බර. piston වල ප්‍රමාණය විශාත්වයෙන් වැඩි වෙන්න, එන්ජිම බර ද එන්න එන්න වැඩි වෙනවා. ඒක නිසා ඒ එන්ජින් එක රැගෙන යන්න අමතර බලයක් යොදන්න වෙනවා.එතකොට මේ වහනයේ කාර්යක්ෂමතාව සෑහෙන්න දුරකට අඩු වෙනවා.

ඉතින් මේ ප්‍රශ්නේ අපිට විසදගන්න පුළුවන් piston එක ප්‍රමාණයෙන් විශාල නොකර තියන piston එකටම බලෙන් වාතය තල්ලු කරලා,
මේ දේ කරන්න නම් අපිට වෙනම compressor එකක් ඕන වෙනවා.
     මේකට ප්‍රදාන වශයෙන් compressor වර්ග දෙකක් අපි පාවිච්චි කරනවා ඒ 
එකක් තමා Turbo charger අනික Super charger. 

මේ හැමදේකටම අමතරව අපිට පුළුවන් එන්ජිමේ piston දහනය වෙනකොට ඒ අවට තියන පරිසරයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කරන්න.මේ වැඩේ කරන්න නම් අපිට දහන පෝෂකයක් අවශ්‍ය වෙනවා.ගොඩක් වෙලාවට කාර් වල මේ වැඩේට පාවිච්චි කරන්නේ Nitrous Oxide ( N2O) 


ඉතින් මේ විදිහට Nitrous Oxide kit එකක් හයි කරපු කාර් එකක අපිට දකින්න පුලුවන් Nitrous Oxide සිලින්ඩර්.මේක ඇතුලේ තියෙන්නේ  Nitrous Oxide වායුව සම්පීඩනය කරලා ද්‍රව බවට පත් කර ගබඩා කරලා.

මේ සිලින්ඩරේ ඉදලා බටයක් ගිහින් තියනවා පෙට්‍රල් line එකට. ඒ වගේම මේකට button එකකුත් හයි කරලායි තියෙන්නේ.  එතකොට driver ට පුළුවන් මේ button එක ඔබලා අවශ්‍ය වෙලාවට මේ  Nitrous Oxide පෙට්‍රල් එක්ක මිශ්‍ර කරන්න.


රසායනික විද්‍යාව පිළිබද දෙනුමක් තියන ඕන කෙනෙක් දන්නවා Nitrous Oxide වල රසායනික සංයුතිය හැදිලා තියෙන්නේ nitrogen පරමාණු දෙකකිනුයි oxygen පරමාණු එකකිනුයි කියල.ඉතින් මේ Nitrous Oxide සෙන්ටිග්‍රේඩ් අංශක 300 පමණ රත් උනාට පස්සේ ඒක nitrogen සහා oxygen බවට බිඳ වැටෙනවා එතකොට මේ piston එක ඇතුලේ තියන oxygen සාන්ද්‍රණය වැඩි වෙලා  වැඩි පුර ඉන්ධන දහනය කරලා මේ රථයට උපරිම වේගයක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා.

කියන්න වටිනම කාරණයක් තම මේ විදිහට Nitrous Oxide පෙට්‍රල් එක්ක මිශ්‍ර වෙලා piston එක ඇතුලට ගියාම මේ piston එකේ උෂ්ණත්වය යම්තාක් මට්ටමකට අඩු වෙනවා.ඒ හින්ද piston එකට පුළුවන් වෙනවා වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරන්න.

ඉතින් මම හිතනවා ඔයාලට මේ ටික කියෙව්වහමා පුංචි හරි දැනුමක් ලැබෙන්න ඇතී කියලා..
අවසාන වශයෙන් පුංචි අවවාදයක් දීලම මේ කතාව නවත්තන්නම්.

තමන්ගේ ගෙදර තියන වහනෙටත් මේ වගේ NOS හයි කරගන්න ආසාවක් අවොත් හයි කරන්න කලින් piston වල ධාරිතාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.මොකද දන්නවද මේ විදිහට Nitrous Oxide පෙට්‍රල් එක්ක මිශ්‍ර වෙනකොට ඇති වෙන බලය අති විශාල නිසා කුඩා පිස්ටන් තිබ්බොත් ඒවා පුපුරන්න ඉඩ තියනව.ඒ කියන්නේ එන්ජින් එක පුපුරන්න ඉඩ තියනව.ඉතින් එක නිසා NOS හයි කරන්න කලින් මේ දේ ගැන හොද අවදානෙන් බලන්න..


Sunday, July 16, 2017

රථගායේ හිනිපෙත්තක්

අද මම ඔයාලට ගෙන්න යන්නේ ටිකක් අමුතුදෙයක් ගැනයි.
                                  ටිකක් කීව්වට මේ වැඩේ  සෑහෙන්න අමුතු වැඩක්.



රථගාය සෑහෙන්නම තියන කෙනෙක් කරපු තවත් සුපිරි වැඩක්..කලිනුත් මේ වගේම දෙයක් මම ඔයාලට ගෙනවා ඉතින් මේක ඊටත් වඩා ලස්සන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ.

මගේ ඇසුත් අදහගන්න බැරි උනා මේක ඇත්තක්ද කියල එත් ඔව් මේක ඇත්තක් මම පුදුම උනා වගේම ඔයාලත් මේක දෙකල අනිවාර්යෙන්ම පුදුම වෙනවා බලන්නකෝ..


විශ්වාස කරන්න  පුලුවන්ද මේ  එස්කැවේටරයක් කියලා.ඒ කිව්වෙ  පස් කපන යන්ත්‍රයක් කියල!!

          

                                       
                                    තව පල්ලෙහට ගිහින් බලන්නකෝ



          


රථගාය තියන කෙනෙක්ට තමන්ගේ වාහනේ මොකක් උනත් අදාලම නැහැ රථගාය කියල කියන්නේ මෙන්න මේවට තමා.
ලංකාවේ නම්  එස්කැවේටර් ඕන තරම් දකින්න තියනවා හැබැයි ඉතින් ඒවගේ ඇතුල දෙක්කහම අපිට පිට ගැස්ම හැදෙනවා.

ඉතින් මේ වගේ තවත් දේවල් එක්ක  නැවත හමුවෙමු..

Friday, July 14, 2017

රේසුත් දැක්ක මේ වගේ රේස් නොදැක්ක...


අශ්ව බල 60 000ක එන්ජිමක්!!
ජෙට් එන්ජින් එකක් වාහනේකට!!

මට කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ  ඔයාලම බලන්නකෝ 



Thursday, July 13, 2017

චීනුන්ගේ ලොකු ලොකු කොපිකැට්

මම අද කතා කරන්න යන්නේ ඔන්න මහා දැවැන්ත කොපි කිරීමක් ගැනයි.
මේක ඉතින් පන්තියේදී අපි EXAM එකට කොපි කරනවා වගේ කොපි කිරීමක් නෙමේ.
 අපි බලමු මේක කොහොම කොපි කිරීමක් ද කියල.


කුඩා සෙල්ලම්බඩුවේ ඉදලා අනිත් සෑම දේකම පාහේ original එකට අමතරව ගුණාත්මක බවින් අඩු ඒ වගේම මිලෙන් අඩු නමුත් පෙනුමෙන් බොහෝ දුරට  original එකටම සමාන වන HIGH COPY භාන්ඩ  නිෂ්පාදනය කරන්න චීන්නු ගොඩක් දක්ෂයි කියල අපි හැමෝම දන්නාව.

ඉතින් අද මම කතා කරන්න යන්නේ චින්නුන්ගේ තවත් දක්ෂ කොපි කිරීම් 10ක් ගැනයි..
බලමුකෝ ඒ මොනවද කියලා...    


1. 


2.
3.
4.

5.

6.

7.



8.


 9.



10.


මේ ටික දැක්කහම ඔයලට පේනවා නේද චීන්නු කොච්චර දක්ෂද කියල.... 
(කොපි කරන්න)



Friday, July 7, 2017

DODGE RAM BALA RED


ඉතින් අපි මේ වෙනකන් කතා කරේ අලුත් අලුත් සුපිරි වාහන ගැනනේ අපි දැන් කතා කරන්න යන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස්  පැත්තක්.
සමහරු ඉන්නවා හොද අලුත් සුපිරි වාහන තිබ්බට මදි ඒවා හොදට modify කරන්නත් පුදුම ගායක් තියන අය.ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ හොදටම ගායක් තියන ඇමෙරිකානු ජාතිකයෙක් හදපු සුපිරි වහනයක් ගැනයි.


මේ තියෙන්නේ DODGE RAM කැබ් රථයක් අපිට බැලූ බැල්මටම පෙනවා මේක ඔරිජිනල් RAM කැබ් රථයට වඩා පෙනුමෙනුත් යම් යම් වෙනසකම් කරලා තියනවා.
stickers,alloy wheels වලට අමතරව මේකේ තව අදහගන්න බැරි වෙනස්කම් රාශියක්  මේ ඇමෙරිකානු ජාතිකයා මේ වාහනේට කරලා තියනවා. 
අපි බලමු මොනවද ඒ වෙනස්කම් කියල.


මේකේ කතා කරන්නම ඕන සහ මේකට කරලා තියන ලොකුම
modification එක තමා  sounds system එක..

පිටුපස දොර දෙකෙහි අගල් 19' LED රූපවාහිනී දෙකක් සහ JB-Hi Fi pioneer වර්ගයේ woofer speakers 6 බැගින් 12ක්,PIONEER TS-B350PRO 3.5" PRO Series 250-Watt Bullet Tweeters 4ක් ද,
ඊට අමතරව ආසන ඉවත් කරලා ඒ වෙනුවට Pioneer - TS-W310D4 woofer speakers 4ක් සහ වොට් 190 ක pioneer amplifier 3ක් සවි කරලා තියනවා 
සද්දෙට සින්දු දා ගෙන යන්න කැමති අයට නම් මේක ගොඩක් වටිනවා..

තව ඉවර නෑ..වහනයේ පිටුපස කොටසේ ඒ කිව්වේ වාහනේ longbed එකේ   woofer speakers 32ක් සහ Tweeters 14ක් තියනවා..
ඉතින් මේක ලංකාවට ගෙනාවොත් ගමකට ඇහෙන්නම සද්දේ තියෙයි..
                                                                                      වහනයේ බර වෙඩි නිසා ඒකට hydraulic suspension තාක්ෂණය යොදාගෙන තියනවා ඉතින් එකෙන් වාහනේ අපිට ඕන ගානට උස පහත් කරගන්න වගේම වාහනේ අපිට නටවන්නත් පුළුවන් හැකියාව මේකට ලබා දීල තියනවා.

රථයේ හිමිකරු මෙය DODGE RAM BALA RED ලෙසයි නම් කරලා තියෙන්නේ. 
  

යකඩ මුර්ගයා Lykan HyperSport


ඉතින් අද මම ඔයාලට ගේන්න යන්නේ වාහන ලෝකයේ යකඩ මුර්ගයෙක් ගැනයි.                                                පෙනුමෙන් බලයෙන් තනිකරම මේ ඉන්නේ මුර්ගයෙක් කියලයි මට හිතුනේ.


මේ යකඩ මුර්ගය නමින් Lykan HyperSport කියලයි කියන්නේ.ලෙබනන්,ප්‍රංශ සහ ඉතාලි යන රටවල වල ඉන්න සුපිරි ගනයේ ඉංජිනේරුවන් අතින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  W Motors කියන සමාගමේදී තම මෙයාට උපත ලබාදෙන්නේ.


Supercar ඝනයට අයත්වන මෙය 3.7L twin-turbo F6 අධි බලැති එන්ජිමකින්න ද සමවිත වෙනවා.  වේග 7ක ගියර් පද්ධතිකින් සහ   Dual-clutch transmission තාක්ෂනයෙන්ද සමන්විත වෙනවා.දොර 2 කූපේ රථයක් වන මෙයා ඇමෙරිකානු ඩොලර් මිලියන 6ත් 8ත් අතර වෙනවා.අපිට මෙයාව සියෙසින් දෙකගන්නම වාසනාව නැති උනත්  Fast and Furious 7 ක්‍රියාදාම චිත්‍ර පථයේ ඔයාලට මෙයාගේ වැඩ කිඩ බලාගන්න පුළුවන් (ඇත්තටම කිව්වොත් වැඩ කිඩ කෙසේවෙතත් එක බැලුවොත් ඔයාලට දුක හිතෙයි.මොකද මෙච්චර වටින කාර් එකක්...නැහැ මෙච්චර වටිනා මුර්ගයෙක් නිදහස් කරන්නේ තට්ටුගනක් උස බිල්ඩිමකින් පහලටයි.එක බලලා  අන්තිමට කියන්න වෙන්නේ අනිච්චාවත සංකාරා කියල තමා)

Audi A8


ඉතින් ඔයාල කව්රුත් දන්නා  Audi සමාගමෙන්  ඔන්න නවතම කාර් එකක් වෙළදපොලට එළිදක්වන්න නියමිතව තිබෙනවා.ඉතින් අපි පොඩ්ඩක් එක ගෙන විස්තර ටිකක් හොයලා බලමු.

2017 ජූලි 11 වන දින එළිදැක්වීමට නියමිත Audi A8 අධි සුකොපබෝගී රථය ගෙනයි අපි අද කතා කරන්න යන්නේ.

ඉතින් මෙහි එන්ජින් ධාරිතාව 2967 cc, 3.0-litre 246.74bhp 24V V-Type  කියලයි සදහන් වෙන්නේ.
තප්පර 6.1 තුල පැයට කිලෝමිටර 100 දක්වා වේගය වැඩි කරගන්න පුළුවන්.
වේග 8කින් සමන්විත වන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර 250කි

     
මෙහි හදුන්වා  දෙන මිල ලෙස ඔවුන් සදහන් කරන්නේ පවුම් 1,15,35,000ක් කියලයි..
ඉතින් නොබෝ කලකින් අපිට මේ අධි සුකොපබෝගී රථය සියෙසින්ම දෙක ගන්න පුළුවන් වෙයි කියලා.