Related Posts Plugin for WordPress, Blogger...

Saturday, July 29, 2017

ක්‍රීඩා පිටිය,කාර්යාලය,නිදන කාමරය එකම වහලක් යට...

ඔන්න මම අද ඔයාලට ගේන්න යන්නේ ලන්ඩන් වල රෝයල් කොලේජ් ඔෆ් ආර්ට් උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් කරපු අපුරු ප්‍රදර්ශනයක් ගැනයි..

ඉතින් මේ ප්‍රදර්ශනයේ විශේෂත්වයක් තියනවා ඒ තමයි මේ ප්‍රදර්ශනයට ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තිබුන සියලුම වාහන සංකල්පිත(concept) ආකෘතින්.ඒ කියන්නේ නුදුරු අනාගතයේදී ලෝකයේ අපිට දකින්න ලැබේ යැයි සැලකෙන මෝටර් රථයි. 

ඔයාල මම හොදින් දන්නා දෙයක් තමයි වාහන ලෝකය පුදුමාකාර ඉක්මනට දියුණු වෙනවා.ඉතින් ඒ දියුණු වීමත් සමගම නුදුරු අනාගතේදී රථ වාහන කියන දේ අපිට අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් වෙන්න ඉඩ තියනවා .. 
ඉතින් මේ ශිෂ්‍යයන් මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරලා තිබ්බ මෝටර් රථ ආකෘතින් මීට පෙර අපි කිසි දිනක දැකල නැති ආකාරයේ ඒවයි..තව විශේෂ දෙයක් තියනවා කියන්න. ඒ තමයි  මේ  වාහන සියලුම ඒවා රියදුරන් රහිත පාලනයකින් තමයි ධාවනය වන්නේ..


 ඒ වගේම මේ මෝටර් රථවල තියන තවත් විශේෂත්වයක් තමයි මේ මෝටර් රථ නිෂ්පාදනය කරලා තියෙන්නේ කාර්යාලයක් විදිහට හෝ කුඩා ක්‍රීඩා කාමරයක් හෝ නිදන කාමරයක් ලෙස භාවිත කරන්නයි..ඒ වගේම driving seat එක දෙපෙත්තෙන් තවත් දෙදෙනෙකුට සුවපහසුව හිඳ ගැනීමට පුළුවන් ආකාරයට තමා මේ ප්‍රදර්ශනයේ තිබුන බොහොමයක් රථවාහන නිෂ්පාදනය කරලා තිබුනේ..



No comments:

Post a Comment