Related Posts Plugin for WordPress, Blogger...

Saturday, July 22, 2017

NOS ගැන දන්න සිංහලෙන්

ඉතින් අද මම ඔයාලට ගේන්න යන්නේ NOS ඒ කියන්නේ Nitrous Oxide Systems කියන්නේ මොකක්ද කියලයි.

ඉතින් ඔයාල මේ වනකොට දැකල ඇති ගොඩක් Movies  වල  Car Racing වලදී එක පදවන Drivers ලා එකේ Button එකක් එබුව ගමන කාර් එක සැහෙන්න වේගෙන් යනවා ඒ වගේම silencer වලින් ගිනි දැල් පිට වෙනවත් ඔයාල දැකල ඇති. ඇත්තටම ඒ මොකක්ද? ඇත්තටම ඒකෙන් කාර්  එකේ වේගේ වැඩි කරන්න පුලුවන්ද?


වාහනයක ප්‍රධාන වශයෙන් දහන කාර්යය සිද්ධ වෙන්නේ අභ්‍යන්තර දහන එන්ජිමකින්. ඉතින් එක ඇතුලෙ තියන piston තුලට ඉන්ධන ගිහින් ඒවා පත්තු වෙලා තමා මේවා උඩ පහල යන්නේ..ඉතින් මේ විදිහට piston උඩ පහල යන නිසා තමා වාහනයක් ධාවනය වන්නේ.
මේ වගේ එන්ජිමකට ඉහල බලයක් ලබා දෙන්න ඕන  නම් ඉන්ධන වැඩි ප්‍රමාණයක් දහනය කරන්න සිද්ධ වෙනවා වගේම piston තුලට වැඩි වාත ප්‍රමාණයක් ඇතුලට ගන්නත් සිදු වෙනවා.

ඉතින් මේක කරන්න ක්‍රම කීපයක්ම තියනවා.

එන්ජිමේ බලය වැඩි කිරීමට කරන්න පුළුවන් ලේසිම දේ තමා එන්ජින් එක තුල තියන  piston ප්‍රමාණයෙන් විශාල කරන එක.එතකොට මේක ඇතුලට වැඩිපුර වාතය ගන්න පුළුවන් ඒ වගේම වැඩිපුර ඉන්ධන අරගෙන ඒවා දහනය කරලා ඉතාමත් විශාල බලයක් ලබා ගන්න පුළුවන්.

හැබැයි ඉතින් මේ ක්‍රමය භාවිත කරනකොට මතුවෙන වෙන ලොකුම ගැටලුව තමා එන්ජින් එකේ බර. piston වල ප්‍රමාණය විශාත්වයෙන් වැඩි වෙන්න, එන්ජිම බර ද එන්න එන්න වැඩි වෙනවා. ඒක නිසා ඒ එන්ජින් එක රැගෙන යන්න අමතර බලයක් යොදන්න වෙනවා.එතකොට මේ වහනයේ කාර්යක්ෂමතාව සෑහෙන්න දුරකට අඩු වෙනවා.

ඉතින් මේ ප්‍රශ්නේ අපිට විසදගන්න පුළුවන් piston එක ප්‍රමාණයෙන් විශාල නොකර තියන piston එකටම බලෙන් වාතය තල්ලු කරලා,
මේ දේ කරන්න නම් අපිට වෙනම compressor එකක් ඕන වෙනවා.
     මේකට ප්‍රදාන වශයෙන් compressor වර්ග දෙකක් අපි පාවිච්චි කරනවා ඒ 
එකක් තමා Turbo charger අනික Super charger. 

මේ හැමදේකටම අමතරව අපිට පුළුවන් එන්ජිමේ piston දහනය වෙනකොට ඒ අවට තියන පරිසරයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කරන්න.මේ වැඩේ කරන්න නම් අපිට දහන පෝෂකයක් අවශ්‍ය වෙනවා.ගොඩක් වෙලාවට කාර් වල මේ වැඩේට පාවිච්චි කරන්නේ Nitrous Oxide ( N2O) 


ඉතින් මේ විදිහට Nitrous Oxide kit එකක් හයි කරපු කාර් එකක අපිට දකින්න පුලුවන් Nitrous Oxide සිලින්ඩර්.මේක ඇතුලේ තියෙන්නේ  Nitrous Oxide වායුව සම්පීඩනය කරලා ද්‍රව බවට පත් කර ගබඩා කරලා.

මේ සිලින්ඩරේ ඉදලා බටයක් ගිහින් තියනවා පෙට්‍රල් line එකට. ඒ වගේම මේකට button එකකුත් හයි කරලායි තියෙන්නේ.  එතකොට driver ට පුළුවන් මේ button එක ඔබලා අවශ්‍ය වෙලාවට මේ  Nitrous Oxide පෙට්‍රල් එක්ක මිශ්‍ර කරන්න.


රසායනික විද්‍යාව පිළිබද දෙනුමක් තියන ඕන කෙනෙක් දන්නවා Nitrous Oxide වල රසායනික සංයුතිය හැදිලා තියෙන්නේ nitrogen පරමාණු දෙකකිනුයි oxygen පරමාණු එකකිනුයි කියල.ඉතින් මේ Nitrous Oxide සෙන්ටිග්‍රේඩ් අංශක 300 පමණ රත් උනාට පස්සේ ඒක nitrogen සහා oxygen බවට බිඳ වැටෙනවා එතකොට මේ piston එක ඇතුලේ තියන oxygen සාන්ද්‍රණය වැඩි වෙලා  වැඩි පුර ඉන්ධන දහනය කරලා මේ රථයට උපරිම වේගයක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා.

කියන්න වටිනම කාරණයක් තම මේ විදිහට Nitrous Oxide පෙට්‍රල් එක්ක මිශ්‍ර වෙලා piston එක ඇතුලට ගියාම මේ piston එකේ උෂ්ණත්වය යම්තාක් මට්ටමකට අඩු වෙනවා.ඒ හින්ද piston එකට පුළුවන් වෙනවා වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරන්න.

ඉතින් මම හිතනවා ඔයාලට මේ ටික කියෙව්වහමා පුංචි හරි දැනුමක් ලැබෙන්න ඇතී කියලා..
අවසාන වශයෙන් පුංචි අවවාදයක් දීලම මේ කතාව නවත්තන්නම්.

තමන්ගේ ගෙදර තියන වහනෙටත් මේ වගේ NOS හයි කරගන්න ආසාවක් අවොත් හයි කරන්න කලින් piston වල ධාරිතාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.මොකද දන්නවද මේ විදිහට Nitrous Oxide පෙට්‍රල් එක්ක මිශ්‍ර වෙනකොට ඇති වෙන බලය අති විශාල නිසා කුඩා පිස්ටන් තිබ්බොත් ඒවා පුපුරන්න ඉඩ තියනව.ඒ කියන්නේ එන්ජින් එක පුපුරන්න ඉඩ තියනව.ඉතින් එක නිසා NOS හයි කරන්න කලින් මේ දේ ගැන හොද අවදානෙන් බලන්න..


No comments:

Post a Comment