Related Posts Plugin for WordPress, Blogger...

Saturday, November 18, 2017

Lamborghini huracan ගේ ලංකා ගමනය

ඔන්න ඉතින් අදත් අලුත්ම අලුත් දෙයක් අරගෙන තමයි මම ආවේ.lamborghini කිව්වහම කව්ද නොදන්නේ..ඉතින් ඔන්න තවත් lamborghini රාක්ෂ පැටියෙක්  ඊයේ පෙරේද දිහා ලංකාවට සම්ප්‍රාප්ත උනා.
 ඉතින් මේ රාක්ෂයන්ගේ ජාතකේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මොකද මේ වනකොට කුඩා දරුවාගේ සිට මහලු පිරිස් දක්වාම මේ යකා ගැන හොද හැටි දන්නවා.
ඉතින් මේ Lamborghini කියන යකඩ රාක්ෂයෝ නිපදවන සමාගමේ විවිධ වර්ගයේ දරුණු රාක්ෂයෝ  නිපදවල තියනවා..ඒ නිෂ්පාදන වලින් මේ වනකොට ලංකාවේ lamborghini gallardo,lamborghini aventador වැනි රාක්ෂ පුත්තු කීප දෙනෙක් ඉන්නවා කියනකොට හිතට පොඩි ආඩම්බයකුත් එනවා.
 


  




ලංකාව ගැන කතා කරොත් ලංකාවට මුලින්ම මේ රක්ෂා පැටියෙක් හුරතලේට හදාගන්න ගෙනාවේ ප්‍රසිද්ධ ධාවන ශූර දිලන්ත මාලගමුව මාහතා...ඔහු ගැනත් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ.. ඔහු ලංකාවට හුරතලේට හදාගන්න ගෙනාවට පිට රටවල් වලදී රක්ෂයෝ සමග තරග වදින එක්තරා  ආකාරයක වීරයෙක්. 

 මීට අමතර බොරැල්ල පාරේ ඇවිදන යනකොට අපිට නිදාගෙන ඉන්න Lamborghini රාක්ෂයෝ  3 දෙනෙක් විදුරු කාමරේක දාලා තියනවා අපිට බලාගන්න පුළුවන්.

මේ කෙසේ වෙතත් අද මම ඔයාලට  කියන්න යන්නේ නොවැම්බර් 16 වනදා ලංකාවට පැමිණි අලුත්ම කොලපාට Lamborghini රක්ෂා පැටියා ගැනයි.
මෙයාගේ නම තමයි  Lamborghini huracan lp 610-4.මෙයාගේ මුල් ගම එංගලන්තේ එහෙන් මෙහාට ගෙන්නලා තියෙන්නේ ලංකවේ  සුප්‍රසිද්ධ  මෝටර් රථ සමාගමක් වන Bavarian Motors හි අධිපති ජේ. හමීඩ් මහත්මිය විසිනුයි.

ඉතින් මේ  රාක්ෂ පැටියාගේ  විශේෂත්ව කීපයක්ම දකින්න පුළුවන්..
අශ්ව බල 602 ක වේගයෙන් දුවන්න පුළුවන් මෙයාට කකුල් 4ම බලය යොදන්න පුළුවන්..දැනට  lamborghini gallardo,lamborghini aventador වැනි රක්ෂා පැටවුන්ගේ බලය දීමට හැක්කේ ඉදිරිපස පාද වලින් හෝ පසුපස පාද වලින් පමණයි.මමේ  වනකොට ලංකාවේ තියන පාද 4ම සක්‍රිය එකම රාක්ෂයා ලෙස මෙයාව හදුන්වන්න පුළුවන්. 
තවද පැයට කිලෝමීටර 100ක වේගයකින් දුවන්න මෙයට ගත වෙන්නේ තත්පර 2.5 කාලයක්.ඒ වගේම තම මෙයාගේ හදවතේ ඇති ජවය සදහන් වන්නේ 5200cc ලෙසයි.

 මෙයා  ඇමරිකානු මුදලින් 220,000 $ පමණ එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 33,800,000 එනම් කෝටි 4 කට ආසන්න මුදලක් වුනත්, මෙය ලංකාවට ගෙන්විම්දී රජය විසින් අය කරන බදු මුදලත් සමග ඔවුන්ට මෙය සම්පුර්ණයෙන්ම වරායෙන මුදා ලබාගැනීමට රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවෙලා තියනවා.

කොච්චර මිල වැඩි උනත් මේ කාන්තාව මේ රක්ෂ පැටියව මේ ලංකාවට ගෙනාවේ උට තියන ආදරේටනේ....... 
ඔන්න මේ තියෙන්නේ රාක්ෂයා ලංකාවට ඇවිත් කුඩුවෙන් එලියට ගන්න අවස්ථාවේ ගතට පින්තුර වගයක්. බලන්න කොච්චර ලස්සනද කියලා.





Thursday, November 16, 2017

ඉලේක්ට්‍රික් ලෝකයේ නැගී එන සුපිරි තරුව

ඔන්න ඉතින් මේ දවස් වල වැඩිපුර කතා වෙන හැමෝම දන්නා නිසාන් ලීෆ් එක ගැන තමා අද මම විස්තර  ගේන්න යන්නේ.පසුගිය අයවැයෙන් ඉලෙක්ට්‍රික් වාහන සදහා මිල අඩුවුන නිසා බොහෝ දෙනාගේ අවධාන යොමු වූ  රථය තමයි මේ නිසාන් ලීෆ් කියන්නේ..ඉතින් එක ගැන වචනයක් කතා නොකරම බෑ නේ.එක නිසා මම පුංචි තොරතුරු වගයක් හොයාගෙනම ඔන්න ආවා.

පරිසරය ගැන සිතන මිනිසුන් බිහි වීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා නිර්මාණය කරන්නට යෙදුණු පරිසර හිතකාමී නිෂ්පාදන අතරින් තවත් එක් නිෂ්පාදනයක් වන්නේ ඉන්ධන කිසිවක් වැය නොකරන විදුලි මෝටර් රථ වර්තමානයේ වෙළඳ පොළ ආක්‍රමණය කරමින් පැවතීම සතුටට කරුණක් ද වේ. එයට හේතුව වන්නේ පරිසරය සුරැකීමට එමගින් ලැබෙන මහඟු පිටුවහලයි.

මේ කතාව නිසාන් ලීෆ් ගැනයි. නිසාන් ලීෆ් රථයේ නවතම නිෂ්පාදනය(Nissan Leaf 2018) වැඩි කිලෝමීටර් ගණනක් ධාවනය කිරීමේ හැකියාවෙන් යුක්තයි. එනම් එක් පූර්ණ ආරෝපණයකින් පසු කිලෝ මීටර් 378 ක් දුර ධාවනය කළ හැකියි. නමුත් තවමත් නිසාන් ලීෆ් සිටින්නේ පසුපසින් බව කිව යුතුයි. ලෝකයේ විදුලි වාහන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සහ ජෙනරල් මෝටර්ස් නිෂ්පාදනයි.













මෙම නව ලීෆ් රථයේ Autonomous Driving Technology කියන නවීන තාක්ෂණය යොදාගෙන තියෙනවා.ඒ කියන්නේ මං විදිහට මේ තාක්ෂණය රියදුරන් රහිත ධාවනය කියලයි මට හොයාගන්නට නම් ලැබුනේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ විදුලියෙන් දුවන මෝටර් රථ අතර ඉදිරියෙන් සිටීමට නිසාන් ලීෆ් සමත්ව සිටින්නේ එය මිලෙන් අඩු වීම නිසයි. මෙම නවතම ලීෆ් මාදිලිය ලබන මාසයේ එනම් 2017 ඔක්තෝම්බර් මාසයේ දී ජපානයේ වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිත අතර, 2018 වර්ෂයේ මුල දී ලෝකයේ සෙසු රටවල්වල වෙළඳ පොළට පිවිසෙනු ඇති.

මෙම රථයට කිලෝවොට් පැය 40 ක ධාරිතාවයෙන් යුතු බැටරියක් යොදා ගෙන ඇත. එමෙන්ම මීට කලින් ලීෆ් රථයේ හැඩය තරමක් විකාර රූපී වුව ද, නව ලීෆ් රථය ඊට වඩා අලංකාර පෙනුමකින් යුක්ත වෙයි. ඉතින් පසුගිය රථයට වඩා මේ මොඩලය වඩාත් වේගයෙන් ජනප්‍රිය වනු ඇති බව නිෂ්පාදකයින්ගේ විශ්වාසය යි.


වාහන ලෝකයේ රජෙක්....

ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ ලස්සන කතාවක් අරන් ආවා ඔයාල කව්රුත් දන්නා ටොයෝටා සමාගමේ උපත ගැන තමා අද මම ඔයාලට ගේන්න යන්නේ ඔයලට් කියවලම බලන්නකෝ


 ටොයෝටා කියන්නේ අපි හැමෝම දන්නා නාමයක්. ලංකාවේ වගේම ලොව බොහෝ රටවලත් වාහන කියුවම මුලින්ම මතකයට එන්නේ ටොයෝටා නාමයයි. කල්පැවැත්ම මෙන්ම විශ්වාසාන්ත කම අතිනුත් ටොයෝටා කියුවම කාගේ කාගේත් සිත් වල ඇතිවෙන්නේ ප්‍රසන්න හැගීමක්. ටොයෝටා සමාගමට අනුව පසුගිය වසර 20 ඇතුලත නිෂ්පාදනය කළ ටොයෝටා වාහනවලින් 80% ක්ම තවමත් ධාවනය වෙනවා.
ටොයෝටා සමාගම බිහි වුනු ආකාරය හරිම ලස්සන කතාවක්. ඒ වගේම ටොයෝටා සමාගම අපි හිතනවටත් වඩා ගොඩාක්  විශාලයි. දුක් කම්කටොලු රැසක් ගෙවාගෙන මේ තැනට ඇවිත් ඉන්න ටොයෝටා සමාගම ආශ්‍රයෙන් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න දේවලුත් ගොඩාක් තිබෙනවා.

ටොයෝටා කියන ජපන් සමාගම වාහන නිෂ්පාදනය ආරම්භ කළේ  වර්ෂ 1933 දී. ඒත් ඒක ගොඩක් පැරණි සමාගමක්. වාහන හදලත් ගොඩක් කල් යනතෙක් මිනිසුන් ටොයෝටා සමාගම ගැන දැනගෙන හිටියේ මහන මැෂින් හදන සමාගමක් විදියට.
ටොයෝටා සමාගම, ඔබ නොදන්නව වුනාට අදටත් රෙදි නිෂ්පාදනය කරනවා. ඒ නිසා  ටොයෝටා ගැන කතා කරන විට මේ මහන මැෂින් කතාව නම් නොකියම බෑ.
ටොයෝටා සමාගමේ ආරම්භකයා වුනු 
 ටොයෝඩා සකිචිගේ පියා වඩු කාර්මිකයෙක්. හැමදාම පාසල් ගිහින්  ආවට පස්සේ පියාගේ වඩු වැඩවලට උදවු දීපු  සකිචි  පොත් කියවන්න ගොඩක් ආස කළා. දවසක් ඔහුට තම ජීවිතය සහමුලින්න වෙනස් කරන්න සමත් පොතක් කියවන්න ලැබුනා. යන්ත්‍රානුසාරයෙන් රෙදි වියන යන්ත්‍රයක් තනපු කෙනෙකු ගැන ඒ පොතේ සඳහන් වෙලා තිබුණා.
මේ පොත කියව කියව ඉන්න අතර තුර තමන්ගේ මව ඉතාමත්  අමාරුවෙන් අතින් රෙදි වියමින් සිටිනවා තරුණ සකිචි දවසක් දුටුවා. මේක දැකපු සකිචිට ගොඩාක් දුක හිතුනා.  තමන් කියවපු පොතෙන්  ලබපු ආභාෂයත් එක්ක තම මවගේ වැඩකටයුතු පහසු කරන්න යන්ත්‍රයක් හදන්න තරුණ සකිචිට ඕන උනා. තම පියාගේ වඩු වැඩටත් උදවු වෙන අතරතුරම ඔහු දැඩි පරිශ්‍රමයක් යොදා ස්වයංක්‍රීයව රෙදි වියන මැෂිමක් නිර්මාණය කරා.
අශ්ව බල එකක බලයක් තිබුණු මේ මැෂිමට ඉතාම අනර්ඝ විදිහට වේගයෙන් රෙදි වියන්න පුළුවන් කම තිබුනා. ඒ වෙනකොට මෙහෙම මැෂිමක් ජපානේ කිසිම කෙනෙකු හදලා තිබුනේ නෑ. ඒ නිසා මුළු ජපානේ පුරාම මේ ආරංචිය කටින් කට ගිහින් ගොඩාක් ව්‍යාපාරිකයෝ සකිචිව හොයාගෙන ඇවිත් මේ මැෂින් මිලදී ගන්න උනා.
අවසානයේ ආයෝජකයින් කිහිප දෙනෙකුත් සමග එකතු වෙලා අවසානයේ සකිචිට පුළුවන් උනා Toyota Loom Company නම් මහන මැෂින් සමාගම පටන් ගන්න ටොයෝඩා සකිචිට පුළුවන් උනා. මේ සමාගම දිගටම මහන මැෂින් විකුණමින් ඉතා විශාල ආදායමක් උපයාගත්තා.
එත් අවාසනාවකට මේ කාලේ ජපන් ආර්ථිකයේ ඇති වුනු කඩාවැටීමත් හමුවේ සකිචිට සමාගමෙන් ඉල්ලා අස් වෙන්න සිදු උනා. ඒ   අතරවාරයේ සකිචි තමන්ගේ ජිවිතයට අමතක නොවෙන මතකයන් කිහිපයක් එක් රැස් කරගනිමින්  ඇමෙරිකාවේ සහ යුරෝපයේ සංචාරයක් බලා ගියා. එහිදී තම රටින් බොහෝ ඈත දේශ වල තිබූ දියුණුව සහ ඇති මහත් වාහන සංඛ්‍යාව දැක  ඔහු  ඉමහත් පුදුමයට පත් වුනා. අලුත් දේවල් පසු පස හඹා හිය සකිචිගේ සිතිවිලි උඩු යටිකුරු කිරීමට ඒ මතක සටහන්  සමත් උනා. පසුව සිකිචි යලිත් වරක් ජපානයට ආවේ වාහන නිෂ්පාදනය ගැන සිහින දකිමින්.
තමන්ගේ වාහන සිහිනය කෙසේ හෝ මුදුන් පත්කරවාගැනීමට සිකිචිට තදින්ම අවශ්‍ය උනා. එය කොතෙක් ද කියනවනම්, මෙතෙක් කල් තමන් සතුව තිබූ මහා නිධානයක් බඳු වූ මහන මැෂින් තැනීමේ අයිතිය ඔහු යෙන් මිලියනකයට විකුණා දැමුවේ වාහන තැනීමේ සිහිනය කෙසේ හෝ සැබෑ කරගැනීමේ අරමුණින්. තම පුත්‍රයා වූ ඉචිරෝ ටොයෝඩා ගැන තදබල විශ්වාසයක් තැබූ සිකිචි ඒ මුදල් ඔහු අත තැබුවේ යම් දිනක අනිවාර්යෙන්ම වාහන හදන සමාගමක් පටන් ගත යුතු යැයි යන පොරොන්දුව මතයි
වාහන හැදීම ගැන එතරම් ලොකු විශ්වාසයක් නොතිබුණු ඉචිරෝ තම පියා මෙන්ම වාහන නිෂ්පාදනය ගැන අවබෝධයක් ගන්නට වහාම ඇමරිකාවට යන්නට වුණා. එහිදී වාහන නිෂ්පාදනය  ගැන ඉචිරෝ ගොඩාක් පැහැදුනා. මේ කාලෙදිම ජපන් ආණ්ඩුවටත්, තමාගේ රටේම කියා  වාහනයක් නිෂ්පාදනය කරගන්න තදබල ඕන කමක් තිබුණු නිසා, නව ව්‍යාවසායකයින්ට නොයෙකුත් පහසුකම්  ලබා දෙන්නත් ආණ්ඩුව කටයුතු කරා. මේ සියල්ල  සැලකිල්ලට අරගෙන නැවත ජපානයට පැමිණි ඉචිරෝ වාහන නිෂ්පාදනය වෙත යොමු උනා.
ටොයෝටා සමාගමට මෙන්ම ජපානයටත් වැදගත් සංදිස්ථානයක් එක කරමින් 1933 දී  පළමු වරට වාහන දෙකක් නිෂ්පාදනය කරන්න ටොයෝටා සමාගමට හැකි වුනා. 
මෙතෙක් කල් මහන මැෂින් සමාගමේ අනු ආයතනයක් ලෙස තිබූ වාහන නිෂ්පාදන අංශය, වර්ෂ 1937 දී ටොයෝටා මෝටර් කොම්පැණි (Toyota Motor Company) ලෙසින් ප්‍රධාන සමාගමක් බවට පත් වුනා.
ටොයෝටා සමාගමේ අභිප්‍රාය වූයේ එතෙක් ජපානයට ආනයනය කළ ෆෝර්ඩ් සහ ජෙනරල් මෝටර්ස් වාහන වලට වඩා ඉතා අඩු මුදලට ටොයෝටා වාහන අලෙවි කිරීමයි. මේ නිසා අලුත් සමාගමක් වුණත් ටොයෝටා වාහන ජපානය පුරාම  ශීග්‍රයෙන් ප්‍රචලිත වෙන්න පටන් ගත්තා.
ටෝයෝදා සිකිචි අනුස්මරණය වන්නට මුල් කාලයේ යොදා තිබූ නම  වූයේ “ටෝයෝඩා” යන්නයි. එහෙත් පසු කාලීනව, “ටොයෝටා” යන්න වඩාත් වාසනාවන්ත නමක් ලෙස ජපනුන් සැලකූ නිසා එය, අද අප කවුරුත් දන්නා ටොයෝටා බවට පත් කෙරුනා. ටොයෝටා යන්නෙහි සිංහල  තේරුම් වනුයේ  “සරුසාරවත් සහල්” යන්නයි.
බොහෝ සැලසුම් තියාගෙන ලොකු  තැනකට එන්න හිටපු ටොයෝටා සමාගම  දෙවන ලෝක යුද්ධය නිසා නැවත වතාවක්  බංකොලොත් තත්වයට පත් වුණා. මෙතනින් පසුව ටොයෝටාහි ගමන් මග බොහෝ කම්කටලු වලින් පිරුණු එකක් වුණා. ඒත් අවසානයේ 1950 දී ආරම්භ  වුණු කොරියානු යුද්ධය නිසා නැවතත් සමාගමට ගොඩ එන්න හැකි උනා. ඒ, ඇමෙරිකාව විසින් යුද්ධය සඳහා අවශ්‍ය ටොයෝටා වාහන  5000 කට අධික ප්‍රමාණයක් ඇනවුම් කිරීමෙන් පසුවයි.
දිනක් ඇමෙරිකාවේ සංචාරයක යෙදුනු ටොයෝටා සමාගමේ විධායකයෙකුට බොහොම වැදගත් දෙයක් සොයාගන්න ලැබුනා. ඒ තමයි, ඇමරිකානුවන් භාවිතා කළ විශාල ප්‍රමාණයේ මෝටර් රථ අතුරින් යුරෝපීය කුඩා මෝටර් රථ වලට හොඳ තැනක් හිමිව තිබූ බව. එවගේම එම කුඩා රථ වල මිල ජනතාවට උහුලන්න බැරි තරම් ඉහළ වුණු බවත් ඔහු නිරීක්ෂණය කරා.
මෙම නිරීක්ෂණයෙන් ඵල නෙලා ගන්නට වුණු ටොයෝටා සමාගම අඩු මුදලකට විකිණිය හැකි කුඩා මෝටර් රථයක් සාදන්න කටයුතු කරා. ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසට ටෝයෝපෙට් ක්‍රවුන් (Toyopet Crown) නමින් ඉතිහාස ගත වූ  රථයක් ලොවට නිර්මාණය උනා.
මේ ක්‍රවුන් රථය ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන සිටි ටොයෝටා සමාගමට අත් විදින්නට වූයේ සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක්. පුදුමයකට මෙන් මේ රථ ඇමෙරිකාවේ විකිණුනේ 300 ක් වැනි ඉතාම සුළු ප්‍රමාණයක්.
ජපනා  කොපමණ හොඳට මේ රථය  නිර්මාණය කරලා තිබුනත් ඔවුන් ඇමෙරිකාවේ මාර්ග තත්වය නම් හොඳහැටි අමතක කරලා තිබුනා. මේ  කාර් එක  ජපන් පාරවලට කොතරම් හොඳ උනත් ඇමරිකාවේ පාරවල් අහලකින් වත් තියන්න බැරි උනා. හයි වේ වල ගියපු මේ කාර් රත් වී  මග දෙපස හිටින්නටත්,  ඉහල වේගවලදී  පාලනය කරගන්න බැරුව ගොස් අනතුරට පත්වන්නටත්, ගැලුම් ගණන් ඉන්ධන බොන්නටත් උනා. එතැනින්ම ඇමරිකානුවන්ට මේ ක්‍රවුන් රථය එපාම වන්නට වුනා.  අවසානුයේ කැත නමක් හදාගත්තු ටොයෝටා සමාගමට ටෝයෝපෙට් රථය සහමුලිම නිර්මාණය කරන්නට සිදු උනා.
මේ අත්දැකීමෙන් ටොයෝටා සමාගම මෙන්ම  ජපානයත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. තමන්ගේ සේවකයන්ගේ තෘප්තියේ සිට වාහන එලවන රියදුරන්ගේ පහසුව දක්වා තිබෙන අංශු මාත්‍ර දෙයකම තත්වය ගැන ඉහලින්ම සිතන්න ටොයෝටා සමාගම කටයුතු කරා. එදායින් පස්සේ, තමන් හදන වාහනවල  තුබුණු ඒ දෝෂ මග හැරලා ඉහළ ගණයේ තත්ත්ව සහතිකයක් දීල ඉතාම හොඳ නිමාවකින් යුතු  රථ නිර්මාණය කරන්න ටොයෝටා සමාගමට හැකි වුණා. මේවගේ ලොකු කතාවකින් පස්සේ තමයි ලොව  ඉතාමත්ම සාර්ථකව විකිනුනු කොරොල්ලා මෝටර් රථය 1966 දී  වෙළඳ පොළට ආවේ.

ඔය අතර වාරයේම 1973 දී ඇමෙරිකාවේ ඇතිවුණු  තෙල් හිඟයෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් රථ වලට ලොකු ඉල්ලුමක් ආව. මේකෙන් පස්සේ ජපන් ටොයෝටා කාර් ඇමෙරිකාව පුරාම උණු කැවුම් වගේ විකිනෙන්න වුණා. මේ කාර් වල   මිලේ හැටියට වෙන කිසිම යුරෝපිය හෝ ඇමෙරිකානු වාහනයක්,  ටොයෝටා කාර් එකක් ළඟින්වත් තියන්න බැරි උනා. ඒ තරම් අඩු මුදලට වාහන විකුනන්න ටොයෝටා සමාගම කටයුතු කරා.
මේ විදියට ශීග්‍ර දියුණුවක් පස්සේ යමින් තිබුනු ටොයෝටා සමාගම කාලයත් සමග කැම්රි , සුප්‍රා , මාක්, සහ ප්‍රියස්  වගේ මාදිලිත් වෙළඳ පොලට මුදා හරින්නට කටයුතු කළා. ඒ රථත්   බොහොම ඉක්මණට ලොව පුරාම ජනප්‍රිය උනා.  1989 දී ටොයෝටා සමාගමේම අනු සමාගමක් හැටියට ලෙක්සස්(Lexus) සමාගම  බිහි වුනේ යුරෝපය මුල් කරගෙන. ඒ අනුව ටොයෝටා සමාගම ලෙක්සස් නම යටතේ ඉතා සුඛෝපභෝගී රථ පෙළක්  නිෂ්පාදනය කරලා යුරෝපයට නව මුහුණුවරකින් අලෙවි කරන්න වුණා.

දැන් අපි ටොයෝටා සමාගමේ අද තත්වය විමසා බලමු.


අද  වනවිට කවුරුත් දන්නා ටොයෝටා සමාගම විවිධ මාදිලි 100ක් යටතේ පමණ වාහන නිෂ්පාදනය කරනවා. 2015 වර්ෂයේදී ලොව විශාලතම වාහන නිෂ්පාදකයා වුනේ ටොයෝටා සමාගමයි.  එත් පසුව ඒ තැන වොක්ස්වැගන් සමාගමට දීල දෙවැන්න බවට පත්වීමට ටෝයෝටා සමාගමට  සිද්ධ වුණා.
ඒ කාලේදී ටොයෝටා සමගම වසරකට කාර් මිලියන 10.2 ක් හදන විට පළමු වැනි තැන හිටපු වොක්ස්වැගන් සමාගම හැදුවේ වසරකට කාර් මිලියන  10.3 ක් පමණයි. මෙතනින් තුන් වැනි තැන ගත්තේ කාර් මිලියන  9.8 ක් හදන ජෙනරල් මෝටර්ස් සමාගමයි. ඒ නිසා මෙය  ජර්මනිය, ජපානය සහ ඇමරිකාව අතර තිබූ තුන් කොන් සටනක් කියලත් කාටහරි කියන්නත් පුළුවන්. 2016 වසරේ විතරක් කාර් හදල ටොයෝටා සමාගම උපයපු අදායම ඩොලර් මිලියන 248 ක්! මේකෙන් ශුද්ද ලාභයම ඩොලර් මිලියන 20.3 වුනා.

අප දන්නා ගොඩාක් වාහන නාම  ටොයෝටා සමාගමට අයත් ඒවා කියුවොත් ඔබ පුදුම වේවි. ඒ අතරින් ඩයිහට්සු(Daihatsu), හිනෝ (Hino), සහ ලෙක්සස් සම්පූර්ණයෙන්ම වාගේ අයිති ටොයෝටා සමාගමට. ඒ වගේම සුබාරු සමාගමෙන් 16.7% ක් ප්‍රමාණයක් ද ඉසුසු සමාගමේ 6% ප්‍රමාණයක් ද අයිති වෙලා තිබෙන්නේත් ටොයෝටා වලට. ඒවගේම 2016 වෙන තුරුම ටෙස්ලා සමාගමේ 10%ක හිමිකාරත්වය දැරුවෙත් ටොයෝටා සමාගමමයි.
ඒ විතර නෙමෙයි, ටොයෝටා මවු සමාගමටම අයත් කියෝහොකයි (kyohokai) සමාගමටත් තව සමාගම් 300 ක පමණ අයිතිය තිබෙනවා. ඒ නිසා ටොයෝටා කියන්නේ නිකම්ම නිකම් කාර් හදන තැනක් නෙමෙයි කියල මතක තියාගන්න ඕනේ.
ටොයෝට සමාගමේ කර්මාන්තශාලා  රුසියාව, කැනඩාව, ප්‍රංශය,  තුර්කිය, එංගලතය සහ ඇමෙරිකාව ඇතුළු ලොව රටවල් 27ක් පුරා පැතිරිලා තිබෙනවා. ඒවගේම තුන් ලක්ෂ 49 දහසක සේවක  මණ්ඩලයක්ද ටොයෝටා සමාගම සතු වෙනවා.
ඒ වගේම   ආදායම අතින් සලකුවාම ලොව නව වැනි ස්ථානය හිමිවන්නේත් ටොයෝටා සමාගමටමයි. මේ සා විශාල වත්කමක් උපයන ටොයෝටා සමාගම සමාජ සුභාසිද්දිය සඳහාත් සැලකිය යුතු මුදලක් වෙන කරනවා. ඒ අතරින් අධ්‍යාපනය, විපත් කළමනාකරණය, වන සංරක්ෂණයම  ආදිය මුල් තැනක් ගන්නවා.
දැන් ඔයාලටම තේරෙනවා නේද මහන මැෂින් හදපු ආයතනයක් අද ලෝකයේ ප්‍රබම තැනක් හිමි කරන තියන අපුරුව...එදා සකිචි වාහන හදන්න තීරණය කාරේ නැත්තන් මේ වෙනකොට ලෝකේ තියන වාහන ප්‍රමානයේ ලොකු වෙනසක් වෙන්න ඉඩ තිබ්බ..

තවත් මේ වගේ කතාවක් අරන් ඉක්මනට එන්නම්. 




උපුටා ගැනීමකි.

Saturday, August 19, 2017

ශ්‍රී ලංකා රථගාය ඇත්තන්ගේ දිනය...

ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ මම තොරතුරු ටිකක් අරන් ආවා...මේ පාර පොඩ්ඩක් වෙනස් වැඩකටයි මම අත ගහන්න හිතුවේ..
ඉතින් ශ්‍රී ලංකා රථගාය ඇත්තන්ගේ දිනයට සමගාමීව මේ දවස් වල ලස්සන ප්‍රදර්ශනයක් පැවැත් වෙනවා  ඒ B M I C H  හීදී...
Colombo Motor Show 2017 කියන මේ ප්‍රදර්ශනේ ඊයේ ඉදලා ඔන්න හෙට වෙනකම්ම අපිට බලන්න පුළුවන් ඒ කියන්නේ 18,19,20 යන දවස් 3දි තමයි මේක පැවැත් වෙන්නේ
අද මම වැඩියෙන් කියන්න යන්නෙ නෑ මමත් ගියා ඒ ප්‍රදර්ශනය බලන්න ඉතින් ඒ ගිහිල්ල ගත්ත ඡායාරූප ටිකක් තමයි අද මම ඔයාලට ගේනන හිතුවේ...

මේ තියන්නේ මගේ ඇසින් මම දැක්ක විදිහට මගේ ජංගම දුරකතනයෙන් මම ගත්ත ඡායාරූප කිහිපයක්..


                        

                             



Sunday, August 6, 2017

රෝද දෙකේ යක්කු 10ක්

ඔන්න ඉතින් අද මම ගේන්න යන්නේ අපේ bike පිස්සන්ට පොඩි දැනගන්න ආස කරුණු ටිකක්..
ලෝකයේ තියන මිලෙන් අධිකම සුපිරි යතුරු පැදි 10 ගැනයි ඔන්න අද මම ඔයාලට ගේන්න යන්නේ.

අපි 10 වෙනි ස්ථානයේ ඉදන්ම බලමුකො..
.ලොකු විස්තරයක් නම් දන්නේ නෑ දන්නා ටික කියන්නම්.


10. Icon Sheene


 එන්ජින් එක ගැන කතා කරොත් 1400cc අධි බලති 4 cylinders, 4-stroke, Inline, charged DOHC එන්ජිමකින් සමන්විත වෙනවා. නිෂ්පාදිත වර්ෂය 2010.මිල වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 172,000 ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2.5කට ආසන්න වෙනවා 






09. MTT Turbine Streetfighter



 අශ්ව බල 320 ක Rolls Royce Allison 250 Series Turbine එන්ජිමක් මේකට තියනවා.නිෂ්පාදිත වර්ෂය වන්නේ 2001.ගියර් 2ක ස්වයංක්‍රීය ගියර් පද්ධතියක්  තමයි තියෙන්නේ.මේකේ මිලත් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 175,000 විතර වෙනවා.ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2.5කට ආසන්න වෙනවා.




08. Suzuki Hayabusa   


මේකේ එන්ජින් එක.1,299 cc (79.3 cu in), 4-stroke inline-four, liquid-cooled, DOHC, 16-valve, Keihin/Denso fuel Injection, wet sump. එකක්.නිෂ්පාදීත වර්ෂය 2003.උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර 306ක්.මිල ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 200,000 ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 3කට ආසන්න වෙනවා.


07. Ducati Testa Stretta NCR Macchia Nera Concept


Ducati Testastretta 998R,V2 වර්ගයේ , four-stroke එන්ජිමක් තමයි මේකට තියෙන්නේ.නිෂ්පාදිත වර්ෂය 2013.වේග 6ක ගියර් පද්ධතියකින් මේක සමන්විත වෙනවා. ඇමෙරිකානු ඩොලර් 225,000 ඒ කියන්නේ රුපියල් කෝටි 3.5කට ආසන්න වටිනාකමකින් මෙය යුක්ත වෙනවා.


06. Ducati Desmosedici D16RR  NCR M16


මේකේ එන්ජින් එක ගැන කතා කරොත් Four Stroke,4 Culinder,DOHC,Desmodromic,4 valves per cylinder,gear driven camshafts තාක්ෂන රැසකින් සපිරි එන්ජිමක් තමයි තියෙන්නේ.
නිෂ්පාදිත වර්ෂය 2006.
පැයට කිලෝමිටර 150ක වේගය ලබාගන්න තප්පර 4.8 ක කාලයක් තමා ගත වෙන්නේ.
මිල සදහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 232,500 ක්.එනම් රුපියල් කෝටි 3.5කට ආසන්න වටිනාකමකින් මෙය යුක්ත වෙනවා.   


05. Ecosse Titanium Series FE Ti XX


අධි බලැති 2500cc එන්ජිමක් තමා මේකට තියෙන්නේ..රෝද හතරේ සාමාන්‍ය වාහනේකට වඩා මේකේ එන්ජිම බලවත්..
නිෂ්පාදිත වර්ෂය ලෙස සදහන් වන්නේ 2012යි.
අශ්ව බල 225කින් සමන්විත වන මෙය ඇමෙරිකානු ඩොලර් 300,000 ක් පමණ ඒ කියන්නේ කෝටි 4කට ආසන්න වනවා.







04. Yamaha Roadstar BMS Chopper



1700cc එන්ජිමකින් සමන්විත වන මෙහි පෙනුමෙන් අනිත් bike වලට වඩා ටිකක් වෙනස්.2007 දී නිෂ්පාදිත උන මෙහි
උපරීම සිල්ලර මිල ඇමෙරිකානු ඩොලර් 500,000 ඒ කියන්නේ කෝටි 7යි.



03.Dodge Tomahawk V10 Superbike



8200cc,v10 අධි බලති එන්ජිමකින් සමන්විත වෙනවා..මේක නම් bike එකක් නෙමෙයි තනිකරම  Racing Car  එකක් 
2003 නිෂ්පාදිත මෙහි
උපරිම වේගය පැයට කිලෝමීටර 482ක් කියලයි සදහන් වන්නේ.
මිල සදහන් වන්නේ නම් ඇමෙරිකානු ඩොලර් 555,000ක් කියලයි. ඒ කියන්නේ හරියටම රුපියල් 85153521 සත 83.




02.Harley Davidson Cosmic Starship


1800cc එන්ජිමකින් සමන්විත මෙය ඉතා ජනප්‍රිය Bike වර්ගයක්.
2010 තමා නිෂ්පාදනය වන්නේ 
මිලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක්.ඒ කියන්නේ කෝටි 10ක් විතර වෙනවා.







01.Ecosse ES1 Superbike



1000cc ඛාණ්ඩයට අයත් මෙය AirBus කියලත් හදුන්වනවා.
2010 දී නිෂ්පාදනය වන මෙය 
මිලෙන් රුපියල් කෝටි 30කට ආසන්න වනවා. මම දන්නා විදිහට නම් දැනට මිලෙන් අධිකම bike එක මේක තමයි.

ඉතින් මේ යක්කු ටික දැක්කහම ඒ යක්කුන්ගේ විස්තර ඇහුවහම මාව තමයි ආරූඪ උනේ.මෙච්චර විශාල එන්ජින් bike වලට තියනවද කියලා..
තවත් දවසක හම්බ වෙමු.