Related Posts Plugin for WordPress, Blogger...

Thursday, November 16, 2017

ඉලේක්ට්‍රික් ලෝකයේ නැගී එන සුපිරි තරුව

ඔන්න ඉතින් මේ දවස් වල වැඩිපුර කතා වෙන හැමෝම දන්නා නිසාන් ලීෆ් එක ගැන තමා අද මම විස්තර  ගේන්න යන්නේ.පසුගිය අයවැයෙන් ඉලෙක්ට්‍රික් වාහන සදහා මිල අඩුවුන නිසා බොහෝ දෙනාගේ අවධාන යොමු වූ  රථය තමයි මේ නිසාන් ලීෆ් කියන්නේ..ඉතින් එක ගැන වචනයක් කතා නොකරම බෑ නේ.එක නිසා මම පුංචි තොරතුරු වගයක් හොයාගෙනම ඔන්න ආවා.

පරිසරය ගැන සිතන මිනිසුන් බිහි වීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා නිර්මාණය කරන්නට යෙදුණු පරිසර හිතකාමී නිෂ්පාදන අතරින් තවත් එක් නිෂ්පාදනයක් වන්නේ ඉන්ධන කිසිවක් වැය නොකරන විදුලි මෝටර් රථ වර්තමානයේ වෙළඳ පොළ ආක්‍රමණය කරමින් පැවතීම සතුටට කරුණක් ද වේ. එයට හේතුව වන්නේ පරිසරය සුරැකීමට එමගින් ලැබෙන මහඟු පිටුවහලයි.

මේ කතාව නිසාන් ලීෆ් ගැනයි. නිසාන් ලීෆ් රථයේ නවතම නිෂ්පාදනය(Nissan Leaf 2018) වැඩි කිලෝමීටර් ගණනක් ධාවනය කිරීමේ හැකියාවෙන් යුක්තයි. එනම් එක් පූර්ණ ආරෝපණයකින් පසු කිලෝ මීටර් 378 ක් දුර ධාවනය කළ හැකියි. නමුත් තවමත් නිසාන් ලීෆ් සිටින්නේ පසුපසින් බව කිව යුතුයි. ලෝකයේ විදුලි වාහන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සහ ජෙනරල් මෝටර්ස් නිෂ්පාදනයි.













මෙම නව ලීෆ් රථයේ Autonomous Driving Technology කියන නවීන තාක්ෂණය යොදාගෙන තියෙනවා.ඒ කියන්නේ මං විදිහට මේ තාක්ෂණය රියදුරන් රහිත ධාවනය කියලයි මට හොයාගන්නට නම් ලැබුනේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ විදුලියෙන් දුවන මෝටර් රථ අතර ඉදිරියෙන් සිටීමට නිසාන් ලීෆ් සමත්ව සිටින්නේ එය මිලෙන් අඩු වීම නිසයි. මෙම නවතම ලීෆ් මාදිලිය ලබන මාසයේ එනම් 2017 ඔක්තෝම්බර් මාසයේ දී ජපානයේ වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිත අතර, 2018 වර්ෂයේ මුල දී ලෝකයේ සෙසු රටවල්වල වෙළඳ පොළට පිවිසෙනු ඇති.

මෙම රථයට කිලෝවොට් පැය 40 ක ධාරිතාවයෙන් යුතු බැටරියක් යොදා ගෙන ඇත. එමෙන්ම මීට කලින් ලීෆ් රථයේ හැඩය තරමක් විකාර රූපී වුව ද, නව ලීෆ් රථය ඊට වඩා අලංකාර පෙනුමකින් යුක්ත වෙයි. ඉතින් පසුගිය රථයට වඩා මේ මොඩලය වඩාත් වේගයෙන් ජනප්‍රිය වනු ඇති බව නිෂ්පාදකයින්ගේ විශ්වාසය යි.


No comments:

Post a Comment