ඉතින් මේ රාක්ෂයන්ගේ ජාතකේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මොකද මේ වනකොට කුඩා දරුවාගේ සිට මහලු පිරිස් දක්වාම මේ යකා ගැන හොද හැටි දන්නවා.
ඉතින් මේ Lamborghini කියන යකඩ රාක්ෂයෝ නිපදවන සමාගමේ විවිධ වර්ගයේ දරුණු රාක්ෂයෝ නිපදවල තියනවා..ඒ නිෂ්පාදන වලින් මේ වනකොට ලංකාවේ lamborghini gallardo,lamborghini aventador වැනි රාක්ෂ පුත්තු කීප දෙනෙක් ඉන්නවා කියනකොට හිතට පොඩි ආඩම්බයකුත් එනවා.

ලංකාව ගැන කතා කරොත් ලංකාවට මුලින්ම මේ රක්ෂා පැටියෙක් හුරතලේට හදාගන්න ගෙනාවේ ප්‍රසිද්ධ ධාවන ශූර දිලන්ත මාලගමුව මාහතා...ඔහු ගැනත් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ.. ඔහු ලංකාවට හුරතලේට හදාගන්න ගෙනාවට පිට රටවල් වලදී රක්ෂයෝ සමග තරග වදින එක්තරා ආකාරයක වීරයෙක්.
මීට අමතර බොරැල්ල පාරේ ඇවිදන යනකොට අපිට නිදාගෙන ඉන්න Lamborghini රාක්ෂයෝ 3 දෙනෙක් විදුරු කාමරේක දාලා තියනවා අපිට බලාගන්න පුළුවන්.
මේ කෙසේ වෙතත් අද මම ඔයාලට කියන්න යන්නේ නොවැම්බර් 16 වනදා ලංකාවට පැමිණි අලුත්ම කොලපාට Lamborghini රක්ෂා පැටියා ගැනයි.
මෙයාගේ නම තමයි Lamborghini huracan lp 610-4.මෙයාගේ මුල් ගම එංගලන්තේ එහෙන් මෙහාට ගෙන්නලා තියෙන්නේ ලංකවේ සුප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Bavarian Motors හි අධිපති ජේ. හමීඩ් මහත්මිය විසිනුයි.
ඉතින් මේ රාක්ෂ පැටියාගේ විශේෂත්ව කීපයක්ම දකින්න පුළුවන්..
අශ්ව බල 602 ක වේගයෙන් දුවන්න පුළුවන් මෙයාට කකුල් 4ම බලය යොදන්න පුළුවන්..දැනට lamborghini gallardo,lamborghini aventador වැනි රක්ෂා පැටවුන්ගේ බලය දීමට හැක්කේ ඉදිරිපස පාද වලින් හෝ පසුපස පාද වලින් පමණයි.මමේ වනකොට ලංකාවේ තියන පාද 4ම සක්‍රිය එකම රාක්ෂයා ලෙස මෙයාව හදුන්වන්න පුළුවන්.
තවද පැයට කිලෝමීටර 100ක වේගයකින් දුවන්න මෙයට ගත වෙන්නේ තත්පර 2.5 කාලයක්.ඒ වගේම තම මෙයාගේ හදවතේ ඇති ජවය සදහන් වන්නේ 5200cc ලෙසයි.
මෙයා ඇමරිකානු මුදලින් 220,000 $ පමණ එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 33,800,000 එනම් කෝටි 4 කට ආසන්න මුදලක් වුනත්, මෙය ලංකාවට ගෙන්විම්දී රජය විසින් අය කරන බදු මුදලත් සමග ඔවුන්ට මෙය සම්පුර්ණයෙන්ම වරායෙන මුදා ලබාගැනීමට රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවෙලා තියනවා.
කොච්චර මිල වැඩි උනත් මේ කාන්තාව මේ රක්ෂ පැටියව මේ ලංකාවට ගෙනාවේ උට තියන ආදරේටනේ.......
ඔන්න මේ තියෙන්නේ රාක්ෂයා ලංකාවට ඇවිත් කුඩුවෙන් එලියට ගන්න අවස්ථාවේ ගතට පින්තුර වගයක්. බලන්න කොච්චර ලස්සනද කියලා.
No comments:
Post a Comment